විපක්ෂ නායක සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රසාද්ට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ.

ඊට අදාල පත්වීමේ ලිපිය ඊයේ (පෙබරවාරි 27) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ඒ මහතා වෙත ලබාදී ඇත.

එම අවස්ථාව සඳහා සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එක්ව සිටියේය.

ප්‍රසාද් සිරිවර්ධන මහතා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපන හදාරා අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා තිබේ.

වෘත්තියෙන් උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරයෙකු වන ඔහු මේ වන විට සමගි ජන බලවේගයේ මීරිගම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය, පාරදෘශ්‍යතාවය හා ජනතා බලය ප්‍රමුඛ කර ගනිමින් විපක්ෂයේ මතය නිවැරදිව ඉදිරිපත් කිරීමටත් ජනතාවගේ ගැටළුවලට නිසි පිළිතුරු ලබා දීමටත්, විවෘත හා නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමටත් කැපවී කටයුතු කරන බව ඒ මහතා පත්වීම ලබා ගැනීමෙන් අනතුරුව කියා සිටි බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...