රුසියාව යුක්රේනයේ මහා පරිමාණයෙන් යුද අපරාධ සිදු කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය චෝදනා කරයි

Date:

ඊයේ(27) දිනයේදී ජිනීවාහි දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ නිරායුධකරණ සැසිවාර ආරම්භ වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය අත්සන් කිරීමෙන් වසර හැත්තෑපහකට පසු රුසියාව විසින් යුක්රේනය තුළ මහාපරිමාණ වශයෙන් මානව හිමිකම් උල්ලංඝණය කරන බවට එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටේරස් විසින් චෝදනා කර ඇති බව වාර්තා වේ.

මේ සතියේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව ඇති ඇමතිවරුන් සහ රාජ්‍ය සහ ආන්ඩුවේ ප්‍රධානීන් 150කට ආසන්න සංඛාවක් යෝජනා වී ඇති අතර එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් මෙහිදී අර්ථ විරහිත රුසියානු යුක්රේනය ආක්‍රමණය පිළිබඳ හෙළා දකිමින් ප්‍රකාශ කර තිබුණේ ලෝක ව්‍යාප්ත ප්‍රතිවිපාක සහිත අතීත යුගයක පැරණි විනාශකාරී ආක්‍රමණශීලී යුද්ධ නැවත මතුව ඇති බවයි.
මෙහිදී රටවල් 44ක් නියෝජනය කරමින් අදහස් දක්වන ලද යුරෝපයේ බ්‍රිතාන්‍ය අමාත්‍ය ලියෝ ඩොචර්ටි මෙහිදී ප්‍රකාශ කර තිබුණේ යුක්රේනයට එරෙහි රුසියාවේ ආක්‍රමණශීලී යුද්ධය යුක්රේනයට පමණක් නොව ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට සහ නීතිරීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙලට තර්ජනයක් වන බවයි.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය අප්‍රේල් 4 වැනිදායින් අවසන් වීමට නියමිත අතර මෙහිදී රුසියාව විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව විස්තීරණ වාර්තාවක් මාර්තු අග වන විට ඊනියා විමර්ශන කොමිසම (COI) විසින් ඉදිර්පත් කිරීමටද නියමිත බව වාර්තා වේ. මීට අමතරව මෙවර යුද අපරාධ විමර්ශනය, ඉරානය, ඇෆ්ගනිස්ථානය, ඉතියෝපියාව, සිරියාව සහ ඊශ්‍රායලයෙහි දැවෙන මානව හිමිකම් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවද අනාවරණය වේ.


සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය