විශේෂ ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්

Date:

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දහවල් පැවැත්විණි.

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 05ක ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන්, බෝ නොවන රෝගවලින් පෙළෙන තැනැත්තන්, ආබාධිත පුද්ගලයන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් 2300 දෙනෙක් වෙනුවෙන් දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් සපයා දීම සඳහා හුණුපිටිය ගංගාරම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන ක්‍රියාත්මක වේ.

ඊයේ දින එහි දායකත්වය සාගල රත්නායක මහතා විසින් භාරගෙන තිබූ අතර ප්‍රජා මුළුතැන්ගෙය වෙත පැමිණි ජනතාවට සිය සුරතින්ම ආහාර පිළිගැන්වීමට ඒ මහතා එක්විය.

හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින්වහන්සේ ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...