ඉදිරි සති දෙක තුළ සජබ පිරිසකුත් අරන් ලොකු සන්ධානයක් බිහිකරනවා – හරීන් (VIDEO)

Date:

තව දෙසතියක් ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් බිහිකරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“ඇත්තටම මේ අමාත්‍යාංශය මම භාරගද්දී ලංකාවේ හිටපු අන්තිම සංචාරකයාත් ලංකාවෙන් ගියා. ලෝකෙන්ම දැම්මා ලංකාවට යාම තහනම් කියලා තහනම් කළා. ලංකාවට එන ගුවන්යානා ඔක්කොම ලංකාවෙන් අයින් වුණා. ලංකාව තනිකරම කොන් වුණා. මාස කීයෙන්ද අපි උස්සලා ගත්තෙ ? දැන් ජනවාරි මාසෙත් ලක්ෂයක් ආවා, පෙබරවාරි මාසෙත් ලක්ෂය පැනලා. දැන් ඔට්ටු දාලා කියනවා දෙසැම්බර් මාසය වෙනකොට ලංකාවට සංචාරකයින් වැඩිම එන කාලයක් බවට ලංකාව අපට පත්කරන්න පුළුවන්ය කියලා. එමිරේට්ස් ගුවන්යානා එකයි ආවෙ ලංකාවට, දැන් හතරක් එනවා. කටාර් එයාවේස් එකකට බැස්සුවා, ඒක දැන් හතරකට වැඩිකරලා තියෙනවා. ඉන්දියාවෙන් ගුවන්යානා සීයකට වඩා දැන් සතියකට එනවා. මේ ඔක්කොම බලද්දී තව අපට ඉස්සරහට එන්න පුළුවන්. චීනය තවම ඇරලා නෑ, අප්‍රේල් මාසේ චීනය ඇරියාට පස්සෙ නිකම් ගණං හදලා බලමු ඩොලර් 5000 ගාණෙ චීන්නු ලක්ෂ 5ක් ලංකාවට ආවොත් IMF එකෙන් හම්බුවෙන ගාණම හම්බුවෙනවා.

එනිසා අපි වැඩපිළිවෙලක් හදාගෙන තියෙනවා, ඒක දෙසැම්බර් වෙනකල් අපට යන්න ඉඩදෙන්න. ඒකට ඔබතුමාලාගේ සහයෝගය අපට දෙන්න, ජනාධිපතිතුමාට අපි ශක්තියක් වෙමු. ඒ වගේම තමයි මම තව පොඩි ඉඟියක් දෙනවා, තව සතියක් දෙකක් යන්න ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛත්වය අරගෙන අපි සජබ මන්ත්‍රීවරු කීපදෙනෙකුත් අරගෙන ලොකු සන්ධානයක් බිහිකරනවා. මටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාටවත් සජබ කඩන්න කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ. මම ආපු වෙලාවෙත් මාත් එක්ක තව කීපදෙනෙක් අරන් එන්න ඕනෙතරම් තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක කරන්න එපා කිව්වා. ඒත් මං එතුමාට ඊයෙ පෙරේදා කිව්වා දැන් ඇති, දැන් ඔය එන්න ඉන්න කට්ටිය ගමු කියලා”

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...