සංචාරකයන්ගේ ආරක්ෂාවට අලුත් වැඩක්

Date:

සංචාරක අමාත්‍යාංශය විසින් නවතම පියවරක් ලෙස, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ජංගම යෙදවුමක් හෙට (01) දින සිට හඳුන්වාදීමට යයි.

ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් විදෙස් සංචාරකයන්ට සිදුවන විවිධ අපහසුතාවන් සැලකිල්ලට ගෙන මේ පියවර ගෙන තිබෙන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, ඒ අනුව ත්‍රිරෝද රථ ලියාපදිංචි කර කේතයක් ලබාදෙන අතර සංචාරකයන්ට ඔවුන් ගමන් ගන්නා වාහනය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකි පරිදි මෙම ජංගම යෙදවුම නිර්මාණය කෙරෙන බවත් ඊට සමගාමීව පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට නියමිත බවත් ය.

භාෂා හතකින් සක්‍රිය කළහැකි මෙම නව සංචාරක ජංගම දුරකතන යෙදවුම මඟින් සියලුම ත්‍රිරෝද රථ ලියාපදිංචි කරන අතර විදේශීය සංචාරකයන්ට ස්කෑන් කිරීම සඳහා වාහනයේ තීරු කේතයක් ප්‍රදර්ශනය කරන බව පෙන්වාදෙන සංචාරක ඇමැතිවරයා එමඟින් යම්කිසි සිදුවීමකදී පොලිසියට ත්‍රිරෝද රථය හඳුනා ගැනීමට හැකිවන බවද මේ සඳහා ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන සහ සංචාරක හෝටල් පිළිබඳ විස්තර ද ඇතුළත් කර තිබෙන බවද කියා සිටී.

කලාපයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා තිබෙන හොඳම ජංගම දුරකතන මෘදුකාංගය බවට මෙය පත්වන බව සඳහන් කරන හරීන් ප්‍රනාන්දු මහතා සංචාරකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවක දී අදාළ කේතය ස්කෑන්කර උදව් ඉල්ලා සිටිය හැකි බව ද පෙන්වා දෙයි.

වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසූවේ, මෙම ජංගම දුරකතන මෘදුකාංගය වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන ඇමතුම් මධ්‍යස්ථානයක් තිබෙන අතර පොලිසියට මෙම මෘදුකාංගය නිරීක්ෂණය කරමින් අවශ්‍ය වූ විට ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...