ජනාධිපතිතුමා මාස හයක් ඉල්ලලා තියෙද්දිත් වැඩවර්ජන කිරීම සදාචාරාත්මක නැහැ – රත්නප්‍රිය (VIDEO)

Date:

පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා වෘත්තීය සමිති වෙතින් ජනාධිපතිවරයා මාස හයක කාලයක් ඉල්ලා තිබියදී වැඩවර්ජන සිදුකිරීම සදාචාරාත්මක නොමැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

බදු, සහ පොළී අනුපාත වැඩි කිරීමට තමන් මෙන්ම ජනාධිපතිවරයාද විරුද්ධ නමුත් රටේ බහුතරයකට කන්න නොමැති, දිය නොහැකි තත්ත්වයක් පවතින හෙයින් තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා හැකි අය ටිකක් දිය යුතු වන බවයි රත්නප්‍රිය මහතා සඳහන් කළේ.

මිලියන 22 ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා සියලුම දෙනා මැදිහත් විය යුතුවන බව ඔහු පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකරණය කරගනිමින් රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇතිකර ගත යුතු වන බවත් දැන් එම කටයුතු සිදුවෙමින් පවතින බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදී.

”හදිසි ප්‍රශ්නයට හදිසි උත්ටහ්රයක් ඕනේ. ඒ නිසා තමයි බදු ටිකක් වැඩි කරලා,මාස හයක් ඉවසල හැමෝම එකතුවෙලා මේ රටේ ඉතුරු ප්‍රශ්න විසඳගමු කියල කියන්නේ. නමුත් ඒකට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51ක් වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...