2016 සිට බඳවා ගත් රජයේ සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Date:

2016 ජනවාරි මාසයෙන් පසු බඳවා ගත් රාජ්‍ය සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීම වෙනුවෙන් ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල නමින් අරමුදලක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, රාජ්‍ය සේවකයකු රාජ්‍ය සේවයට බැඳීමෙන් අනතුරුව ඔහුගේ මූලික වැටුපෙන් 8% ක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් 12% ක් යෝජිත අරමුදලට බැර කළ යුතුවේ.

එම විශ්‍රාම අරමුදල කළමනාකරණය කිරීම සඳහා කළමනාකරණ මණ්ඩලය මගින් පාලනය වන ස්වාධීන ආයතනයක් පිහිටුවීමට නියමිත අතර අරමුදල් කළමනාකරණය සඳහා විශේෂ සුදුසුකම් සහිත කළමනාකරුවකු ද පත්කිරීමට නියමිත ය.

මේ සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීතිපති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...