*
Friday, September 20, 2024
spot_img

Latest Posts

පැරීසියේ පැවති රැස්වීම් කිහිපයක අවධානය ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි යොමු කෙරේ

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා පුළුල් කරගැනීමට ප්‍රංශය ලබා දෙන සහය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා පැරීසියේ පිහිටි විදේශ අමාත්‍යංශයේ දී වෙළෙඳ හා ආර්ථික ආකර්ෂණීයත්වය පිළිබඳ අමාත්‍ය නියෝජිත ෆ්‍රෑන්ක් රයිස්ටර් මැතිතුමා හමු විය. අමාත්‍යවරුන් දෙදෙනා මෙම සාකච්ඡාව අවසානයේ දී අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබූහ.

විදේශ අමාත්‍යවරයා ප්‍රංශයේ වාණිජ මණ්ඩලයේ පැවති රැස්වීම් කිහිපයකට ද සහභාගී විය. එතුමා වාණිජ මණ්ඩලයේ දී උපදේශක බර්නාඩ් කිනේ මහතා සහ ජාත්‍යන්තර ව්‍යාපාරික ජාල ප්‍රධානී එස්ටෙල් ජිලෝ මහතා හමු විය. ප්‍රංශ සහ ශ්‍රී ලංකා සමාගම් අතර පවත්නා විධිවිධාන සහ ව්‍යවසායකත්වය හා සබැඳි අධ්‍යාපනික වැඩසටහන් සඳහා ප්‍රංශයේ විශේෂඥ දැනුම ජාලකරණයට ලක් කිරීම, ව්‍යාපාර කළමනාකරණය සහ ඊට අදාළ විෂයයන් යනාදිය කෙරෙහි, මෙම සාකච්ඡාවේ  ප්‍රධාන අවධානය යොමු විය.

ප්‍රංශයේ විශාලතම සමාගම් සංගමය වන මෙඩෙෆ් ඉන්ටර්නැෂනල් හි (MEDEF International) නිලධාරී ෆ්‍රන්සුවා කෝබින් මහතා සමඟ ද  අමාත්‍ය මහාචාර්ය  පීරිස් මැතිතුමා සාකච්ඡා පැවැත්වී ය.


අමාත්‍යවරයා පැරීසියේ දී හමු වූ ආයතනික අංශයේ නියෝජිතයන් අතරට එම්21 ලයිෆ් සයස්නස් (M21 Life Sciences) සමාගමේ ලේකම් ජනරාල් ක්‍රිස්ටියන් ලරූ මහතා සහ මාර්කටින් ස්ට්‍රැටජි තේල්ස් ඩීඅයිඑස් (Marketing Strategy Thales DIS) සමාගමේ උප සභාපති ජොන්- ක්ලෝඩ් පෙරින් මහතා යනාදීහු ඇතුළත් විය.  

විදේශ අමාත්‍යාංශය

කොළඹ2022 පෙබරවාරි 27 වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan