විපක්ෂ නායක සජිත් විද්‍යාපති උපාධියේ අවසන් විභාගයට පෙනී සිටියි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති (MSc) උපාධියෙහි අවසන් පරීක්ෂණය සඳහා ඊයේ (27) පෙනී සිටියේය.

ඒ පිළිබඳව ඒ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහන පහතින් දැක්වේ.

රටේ පාර්ලිමේන්තුවෙහි විපක්ෂ නායකවරයා වශයෙන් සහ අලුතින් බිහිකළ දේශපාලන පක්ෂයක නායකයා වශයෙන් අතිශය කාර්යබහුල දිවියක් ගත කරන අතරේ කාලය කළමනාකරණය කරගනිමින් මෙසේ MSc උපාධියක් හැදෑරීම තුළින් සජිත් ප්‍රේමදාස මහතා රටේ තරුණ පරපුර සහ වැඩිහිටි පරපුර වෙත ලබාදුන් ආදර්ශය බෙහෙවින්ම අගය කළ යුතුවේ. එමෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තමන් දක්වන උනන්දුව සහ කැපවීම ඒ මහතා සිය ක්‍රියාවෙන්ම නැවත වතාවක් ඔප්පු කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...