උද්දික පුතාගෙන් හිස්වුණු පුටුවට එන මුතූ

උද්දික ප්‍රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ (27) දිනයේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබුණු අතර ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප ලබාගෙන සිටින එස්. සී. මුතුකුමාරණ මහතාට මන්ත්‍රී ධුරය හිමිවනු ඇත.

මැතිවරණ කොමිසම විසින් අනුමත කිරීමෙන් පසුව ඒ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ගැසට් කෙරෙනු ඇත.

RN