*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” ස්මාර්ට් පන්ති කාමර පරිත්‍යාගය රුපියල් ලක්ෂ 1100 ඉක්මවයි !

‘සජිත් දන්නේ බෙදන්න විතරයි’ යැයි පවසන අයට කියන්න ඇත්තේ සමගි ජන බලවේගය ජීවිත කාලය පුරාම නිරන්තර සහනාධාර ලබා නොදෙන බවත් පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙන්නේ හොඳ ශක්ති සම්පන්න දරු පරපුරක් නිර්මාණය කර ඔවුන්ගේ දායකත්වය රටේ සංවර්ධනයට දායක කර ගැනීමට බවත් මේ හැම දෙයක් පිටුපසම නිවැරදි න්‍යායක් පවතින බවත් ඒ අනුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙරට 41 ලක්ෂයක් වූ පාසල් දරුවන්ට ‘ඉංග්‍රීසි භාෂාවෙන් පාසල් අධ්‍යාපනය ලබා දිය යුතු යි’ කියන කතාව ඇහෙන විටම සමහර පුද්ගලයන් මෙම දරුවන්ගේ මනස විකෘති කරමින් ඊට එරෙහිව දරුවන් පෙළ ගැස්විය හැකි නමුත් එසේ විප්ලව කරන විප්ලවවාදීන්ගේ දුවා දරුවන් පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත යවන බවත් ඔවුන් කුහක වී තමන්ගේ දරුවන්ගේ සුබසිද්ධිය ගැන පමණක් සිතන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මොවුන්ගේ සමාජවාදය එසේ වුවත් මෙම විනාශකාරී න්‍යායන් ජනබලයෙන් ජන ශක්තියෙන් විනාශ කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ ජනතාව නිවැරදි තීන්දු ගත හොත් රටේ අධ්‍යාපනයේ ඉතා හොඳ වෙනසක් සිදු කළ හැකි බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මොරටුව වීර පුරන් අප්පු විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 111 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට පෙරේදා (26) එක්වෙමිනි.

අරගලයටත් කලින් ක්‍රමයේ වෙනසක් අපි ඇති කළා

2022 වසරේ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයි කියා 69 ලක්ෂයක් ඡන්දය දුන් ජනාධිපතිවත් තනතුරෙන් එලියට ඇද දැමූ බවත් රටේ ජනතාව ලක්ෂ ගණනින් මහ පාරට බැස හඬ නගා කිව්වේ 75 වසරක් නොවූ ආකාරයේ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයි පැවසුවත් ඊට පෙර සිටම සමගි ජන බලවේගය ක්‍රමයේ වෙනසක් ඇති කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මගේ දරුවට වගේම රටේ දරුවන්ටත් එක හා සමානව ආදරෙයි

තමාගේ දරුවට තිබෙන ආදරය දයාව එක හා සමානව රටේ අනෙකුත් දරුවන්ට ද ඇති බවත් දරුවන්ට අධ්‍යාපනය ලබන්න හොඳ මානසික ශක්තියක් තිබිය යුතු බවත් දරුවන් ඉගෙන ගන්නා අවස්ථාවේ ක්ලාන්තය වෙනවා නම් හෝ මොළයට එම දැනුම උරා ගන්නේ නැතිනම් එය අධ්‍යාපනයට බාධාවක් නිසා සමගි ජන බලවේග රජයක් තුළ නැවත වරක් පාසල් දිවා ආහාරය ලබා දෙන බවත් සෑම දරුවකුටම නිසි ආරක්ෂණ ක්‍රමවේද පදනම්ව සුහුරු උපකරණයක ද අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 111ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1105ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan