ජයිකා සමඟ එක්ව සිදු කරන ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): ජයිකා සමඟ එක්ව සිදු කරන ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ හිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටී.

පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා රෝහල්වල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතියෙන් මෙරට ප්‍රධාන රෝහල් 3ක් සංවර්ධනය කිරීමට පියවර ගැනීම සහ ප්‍රජාව තුළ වැඩිහිටියන් කේන්ද්‍ර කර ගත් සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර , ජයිකා – ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA – Japan International Cooperation Agency) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා (Mr. Tetsuya Yamada) මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී ටෙට්සුයා යමඩා මහතා විසින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ සේවා වැඩිදියුණු කිරීම ජයිකා ව්‍යාපෘතියෙන් ක්‍රියාත්මක වීම පිළිබඳවත්, දැනට ක්‍රියාත්මක වන සංවර්ධන, ආධාර වැඩසටහන් පිළිබඳවත් සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කරන ලදී. වසර 70ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් සපුරන ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ මිතුදම පිළිබඳව ද, මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සඳහා ජයිකා ව්‍යාපෘතියෙන් සිදු කළ සේවාවන් ද සිහිපත් කළ සෞඛ්‍ය ලේකම්වරයා මෙරට ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික සෞඛ්‍ය සේවා විධිමත් ලෙස පවත්වා‌ගෙන යෑමට ජපාන රජය සහ ජයිකා ව්‍යාපෘතිය දෙන සහයෝගයට ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ස්තූතිය පළ කළේය.

ඉදිරියටත් එම සහාය අපේක්ෂා කරන බවත්, යෙන් බිලියන 5ක මූල්‍ය පරිත්‍යාගයකින් මෙරට සෞඛ්‍ය සේවාවට සුවිශේෂී ඉන්ධන පරිත්‍යාගයක් සිදු කිරීම පිළිබඳවත් ජපන් රජයට මෙන්ම ජනතාවට ද සෞඛ්‍ය ලේකම්වරයා විශේෂ ස්තූතියක් පළ කර අතර, ජයිකා ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නියෝජිත යුරි ඊඩේ (Ms. Yuri IDE) සහ සහකාර නිලධාරිනී එරංගා රාජපක්ෂ මහත්මීහු මේ අවස්ථාවට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...