*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

උද්දික පුතාගේ අලුත්ම රංගනයට ඔස්කාර් සම්මානයක් හිමිවෙයිද ?

ජනප්‍රිය තරුණ නළුවෙක් වෙන උද්දික ප්‍රේමරත්න ඊයේ (27) තමන්ගෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට යොමුකරලා තිබුණා.

මහරජ ගැමුණු චිත්‍රපටියේ දුටුගැමුණු රජතුමාගේ චරිතය රඟපාපු උද්දික 2020 මහමැතිවරණයේදී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරලා තමයි පාර්ලිමේන්තු ආවේ.

පාර්ලිමේන්තු ඇවිත් උද්දික පුතා මුලින්ම කළේ පරිප්පු වෙනුවට බඩඉරිඟු කන්න කියලා යෝජනා කරපු එකයි. ඒ මහා දේශපාලන පියවරෙන් පස්සේ සෑහෙන කාලයක් උද්දික පුතා පේන්න හිටියේ නෑ.

ඊටපස්සේ උද්දික එකපාරටම ජාතික දේශපාලනය ඇතුළේ ආයෙත් මතුවුණේ 2023 සැප්තැම්බර් 08 වෙනිදා පාර්ලිමේන්තුවේදී බොහෝම සංවේදී කතාවක් කරමින් පොහොට්ටුවෙන් ඉවත් වෙලා ස්වාධීන වුණු එකෙන්.

එයින් ටික දවසක් ගතවෙද්දී සැප්තැම්බර් 17 වෙනිදා මහ රෑ උද්දිකගේ වාහනයට අනුරාධපුරේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා තිබුණා. උද්දික තනියම ඇවිත් වාහනෙන් බැහැලා ගේට්ටුවෙන් ගෙදරට යද්දී තමයි වාහනේ පිටිපස්සේ සීට් එකට වෙඩි තියලා තිබුණෙ. එහෙම වෙඩිතිබ්බේ කවුද, හේතුව මොකක්ද කියලා හොයාගන්න ලැබුණෙත් නෑ. එහෙම තර්ජනයක් එල්ල වෙන තරම් දේශපාලනයක් නම් උද්දික කොහෙත්ම කරලා තිබුණෙත් නෑ. හැබැයි උද්දික මේ ගැන පාර්ලිමේන්තුවේදී කිව්වෙ “පවතින ක්‍රමය” විසින් තමන්ට වෙඩිතියලා කියලායි.

ඕකෙම ඊළඟ ජවනිකාව තමයි උද්දිකගේ ඉල්ලා අස්වීම. හැබැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්නත් බොහෝම උද්වේගකර කතාවක් පවත්වපු උද්දික පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙද්දී එහෙම කතාවක් පාර්ලිමේන්තු ඇවිත් කළේ නෑ. කථානායකවරයාට ඉල්ලා අස්වීමේ ලියුම එවලා විතරයි.

මේ ගැන පොඩ්ඩක් විපරම් කරලා බලනකොට තතුදත් ආරංචිමාර්ග කිව්වේ උද්දික මේ වෙද්දී ඉන්නේ කැනඩාවේ ලු කියලා. මහරජ ගැමුණු නළුවා කැනඩාවේ දේශපාලන රැකවරණ ඉල්ලන්න ලු යන්නේ. අර මුලින් කියපු සිද්ධි ඔක්කොම එකම තිරපිටපතකට වෙච්චි වැඩ වගේ තමයි පේන්නේ. තිරපිටපත කැනඩා වීසා උපදේශන නීතීඥවරු කට්ටියක් ලියලා වගේ කියලායි කට්ටිය කතා වෙන්නේ.

බඩඉරිඟු වලින් පටන් ගත්තු උද්දික පුතාගේ පාර්ලිමේන්තු රංගනේ ඕන්න ඔහොම ලු කෙළවර වෙන්න යන්නේ …. අපිට ආරංචි වෙච්චි හැටියට නම් ඕකයි කතන්දරේ. අනේ ඉතින් ගැමුණු කුමාරයාට ඡන්දේ දීපු අනුරාධපුරේ පොහොට්ටු ඡන්ද දායකයෝ දැන් මේ අවනඩුව මොන දෙයියන්ටදෑ කියන්නේ …. ??

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan