*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඇමති බොහෝ දේ කීව ක්‍රීඩකයින් සමඟ වූ කෙටි හමුව

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 28 කොළඹ (LNW): බංගලාදේශ සංචාරයට එකතු වන ශ්‍රී ලංකා ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයින්ට සහ උප නායකයින්ටත්,ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් වන දිමුත් කරුණාරත්න,ඇන්ජලෝ මැතිවිස් ඇතුළු පිරිස බංගලාදේශ සංචාරයට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා හමුවට කැඳවා තිබුණා.කෙටි කාලයකට සීමා වූ එම හමුවේදී අමාත්‍යවරයා කණ්ඩායම්වලට සුබ පතමින් පවසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ගෙවුණු තරගාවලියේදී ශ්‍රී ලාංකිකයන්ගේ කැමත්ත පරිදි ඉහළ දස්කම් දක්වමින් ක්‍රීඩා කළ බවයි.
එසේම එම ක්‍රීඩකයින්ට ඔහු පවසා ඇත්තේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා තමන්ගේ දක්ෂතා ඉහළ මට්ටමෙන් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවේ සෑම පළමු පෙළ ක්‍රීඩකයෙක්ම දායක වන බැවින් ඔවුන්ට ද මිත්‍රශිලීව ගෞරවයෙන් සැළකීමට උචිත බවයි.
වනිදු හසරංග ගේ සිඳුවීම මතක් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ තමන්ට හිමි ජයග්‍රහණයක් වෙනත් කෙනෙක් විසින් අහිම කළ බව දැනෙන විට කේන්තියක් ආවත් ප්‍රසිද්ධියේ හැසිරීමේදී කල්පනාවෙන් කටයුතු කළ යුතු බවයි.විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළින් වැරදි සිඳුවීම්වලට ඉහළ ප්‍රචාරයක් ලැබෙන නිසා මින් ඉදිරියට කැළඹීම් සහගත තත්ත්වයන් පාලනය කර ගැනීම වැදගත් බව වනිඳුට මෙන්ම අන් ක්‍රීඩකයන්ට ද ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එසේම කණ්ඩායම් පුහුණුකරු,කළමණාකරු හෝ වගකිව යුතු අයෙක් හරහා තමන්ගේ ප්‍රශ්නයකදී සෑම ක්‍රීඩකයෙක්ටම ඕනෑම වේලාවක තමාට කතා කිරීමට හැකි පවත් අමාත්‍යවරයා සියලු ක්‍රීඩකයින්ට මේ අවස්ථාවේදී පැහැදිළි කළේය.
ටෙස්ට් නායක ධනංජය සිල්වා රථවාහන තදබදය නිසා මේ අවස්ථාවට එක්වීමට අපොහොසත් වුවත්,නායකයන් සහ උප නායකයන් ලෙස කණ්ඩායම සමඟ සිටින කුසල් මෙණ්ඩිස්,වනිඳු හසරංග සහ චරිත් අසලංක මේ හමුවට සහභාගි වූහ.එසේම ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය මෙන්ම තේරීම් කමිටු සභාපති උපුල් තරංග ද මේ අවස්ථාවට එක්ව සිටි අතර ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ එම පාර්ශවයෙන් ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු,සහ අමාත්‍යවරයාගේ නීතී උපදේශක නීතිඥ චන්දිමාල් මෙණ්ඩිස් ද මේ හමුවට එක් වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan