AI වංචා හේතුවෙන් දකුණු කොරියානු අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23:
දකුණු කොරියාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග සම්බන්ධයෙන් මතුව ඇති කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරමින් සිදුකරන වංචා පිළිබඳ ආන්දෝලනය හමුවේ එරට අමාත්‍ය චෝයි කියෝ-ජින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විභාග වංචා වැළැක්වීම සඳහා අවසන් මොහොතේදී ආරක්ෂක ක්‍රියාමාර්ග දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණද, ඒ සඳහා ප්‍රමාණවත් සූදානමක් නොතිබූ බවට එල්ල වූ විවේචන හමුවේ අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.

විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගවලදී කුඩා කැමරා සහ ස්මාර්ට් දුරකථන වැනි උපකරණ භාවිත කරමින් ප්‍රශ්න කෘත්‍රිම බුද්ධි පද්ධති වෙත යොමු කර පිළිතුරු ලබාගැනීමේ අවදානම පිළිබඳව දකුණු කොරියානු බලධාරීන්ගේ අවධානය යොමුව තිබිණි.

ඒ අනුව විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව දැඩි කිරීම, ඉලෙක්ට්‍රොනික උපකරණ පරීක්ෂා කිරීම සහ වෙනත් පාලන ක්‍රියාමාර්ග හඳුන්වා දීමට බලධාරීන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, විභාගයට ආසන්නයේදී හදිසියේම නීති රීති සහ ආරක්ෂක ක්‍රියාමාර්ග වෙනස් කිරීම හේතුවෙන් සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇත.

මෙම සිදුවීමත් සමඟ කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයන් අධ්‍යාපන ක්ෂේත්‍රයට එල්ල කරන අභියෝග සහ විභාගවල විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දකුණු කොරියාව තුළ යළිත් පුළුල් සංවාදයක් මතුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නියෝජ්‍ය ඇමතිකමට වසර දෙකයි – සුගත් තිලකරත්නගෙන් අමුතු සටහනක් ?

සටහන - රුවන් නෙළුගොල්ල සුගත් තිලකරත්න මහතා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්යවරයා...

Wendy’s ශ්‍රී ලංකාවට එයි. පළමු අවන්හල One Galle Face හි විවෘත කෙරේ

ජෝන් කීල්ස් සමූහය (John Keells Group) ලෝක ප්‍රකට Wendy’s®...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක...