චමරි අදත් නැහැ

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 28 කොළඹ (LNW): ඉන්දීය කාන්තා ප්‍රිමියර් තරගාවලියේ පළමු ක්‍රීඩිකා වෙන්දේසියේදී ඉන්දීය ලීග් කණ්ඩායම් විසින් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ මෙවර අයිසීසී සම්මාන උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව වූ චමරි අතපත්තු පසුව යූපී වොරියර්ස් කණ්ඩායමට ඇතුළත් කර ගත්තද ඔවුන් අද සහභාගි වන තෙවන තරගයේදී පළමු එකළොස් දෙනා අතරට නම් කර නැහැ.ඕස්ටේල්‍රියානු නායකා අයිෂා හීලි නායකත්වය දරන මෙම කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වුණ ද,ඔවුන් විසින් සම්මානනීයව ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ චමරි අතපත්තු කණ්ඩායමට වද්දා නොගනිමින් අතිරේක ක්‍රීඩකයන්ගේ පුටුවේ හිඳුවා තබන්නට කටයුතු කරනවා.


මුල් අවස්ථාවේදී චමරි ඉන්දියානු ලීගයට තෝරා නොගැනීම ගැන ලෝකයේම බොහෝ දෙනෙක් විමතිය පළ කළ අතර ඒ අනුව යූපී වොරියස් කණ්ඩායම සිය කණ්ඩායමේ ඇති වූ පුරප්පාඩුවකට චමරිව කැඳවා ගත්තේ,කණ්ඩායමෙන් ඉවත් වූ විදෙස් ක්‍රීඩිතාවට ගෙවූ මුදලටමයි.ඒ ආකාරයට ලොව සිටින ප්‍රබලම ක්‍රීඩිකාවක් වන චමරි,ජාතික මට්ටමෙන් පමණක් දස්කම් දක්වන සමහර ඉන්දීය ක්‍රීඩිකාවන්ට ගෙවන මුදලටත් අඩු මුදලකට මිල දී ගෙන ඇයට ක්‍රීඩා කරන්නට නොදෙමින් මානසිකව පීඩාවට ලක් කිරීම ක්‍රීඩාවේ මහත්මා ගණ්ය ගැන කිසිවෙකුට හෝ පිළිගන්න බැරි පහත් හැසිරීමක් බය අපි විශ්වාස කරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...