කෙහෙළිය රුපියල් මිලියන 100ක් වන්දි ඉල්ලා නඩු දමයි !

Date:

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

එසේම මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් තමන්ට රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...