කිසිම තෙල් හිඟයක් නැහැ.කලබලයක් හදන්න හදන්නේ වෙනත් වුවමනාවකට – ඇමති අනිල් ජයන්ත

Date:

කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර සිදුව තිබෙන්නේ කිසියම් කණ්ඩායමක් විසින් ජනතාව කලබල කිරීමේ වුවමනාවෙන් සිදුකළ දෙයක් බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (01) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් බෙදුම්කරුවන් පිරිසක් ඉන්ධන ඇනවුම් කිරීමෙන් හා බෙදාහැරීමෙන් ඉවත්වන බවට මාධ්‍ය ඔස්සේ ඊයේ (28) දින කළේය.

එම ප්‍රකාශයෙන් පසු සමාජය තුළ මේ සම්බන්ධයෙන් මතුවූ කතා බහ හේතුවෙන් ඉන්ධන් පිරවුම්හල් තුළද පෝලිම් දැකගැනීමට හැකි වූ නමුත් කිසිලෙසකින්වත් ඉන්ධන හිඟයක් නොමැති බවට රජය අවධාරණය කළේය.

ඒ අනුව අද දින මාහාචාර්ය අන්නිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විසින් කර තිබෙන නව ගණනය කිරීම පිළිබඳවද පැහැදිලි කරන ලදී.

”පහුගිය දවස දෙක තුනේම බෙදුම්කරුවෝ නිසි පරිදි ඇනවුම් කරලා තියෙනවා. සාමන්‍යයෙන් දවසකට ඇනවුම් 1100ක් 1200ක් වගේ ප්‍රමාණයක් එනවා. මේ කයන දවස් තුළ ඊටත් වඩා ඇණවුම් කරලා තියෙනවා. හැබැයි ඇනවුම් කළාට මේගොල්ලෝ ඒකපාක්ෂිකව තීන්දුවක් අරන් තියෙඅන්ව සමහර තෝරගත්ත බෙදුම්කරුවන් ප්‍රමාණයක් ඒගොල්ලෝ මේක බෙදාහරින්නේ නැහැ කියල. හැබැයි ඒක නිලවශයෙන් දැනුම් දීලා නැහැ. සමාජ මාධ්‍යට මුදාහරපු දෙයින් පැනික් එකක් කිරීමක් මිනිස්සු කලබල කර නොමග යැවීමක් මේක ඇතුලේ තියෙන්නේ. අපිට පෙනෙන්නේ හිතාමතාම සුළු කණ්ඩායමක් විසින් මේ මොහොතේදී රට තුළ යම් අසහනකාරී තත්ත්වයක් තියෙනවා පෝලිම් යුගයක් එනවා කියල, කලබල කිරීමේ වුවමනාවෙන් කරපු එකක්. කෙසේවෙතත් මම සඳහන් කරන්න කැමතියි.

පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගණන් හදල පෙන්වල තියෙනවා විවිධ තත්ත්වයන් සලකල, සමහර පෙට්‍රල් ෂෙඩ් තියෙනවා ඉතා සුළු ලෝඩ් ප්‍රමාණයක් එන්නේ. සමහර ඒවා විශාල ප්‍රමාණයක්. සමහර පෙට්‍රල් ෂෙඩ්වල පිහිටීම,ප්‍රවාහනය, මේ සියලු කාරණා සැලකිල්ලට භාජනය කළාට පස්සේ අවමය සමාන්‍ය 6.96කට ගැප් කරලා තියෙනවා. එතකොට අපේ නිෂ්පාදන පිරිවැය පැත්තෙන් ගත්තම මෙය 3.55ක ලාභයක්. කලින් තිබ්බ තත්ත්වයටත් වඩා සාධාරණ එකක්. ඒ අනුව ලෝඩ් ප්‍රමාණය අනුවත් අවමය යන තත්ත්වය තියෙන්නේ ලෝඩ් 15ක්. ලෝඩ් 15ක් යන කෙනාට 3.5%ක් ලාභයකුත් ඒවගේම දෙලක්ෂ පහස්දහක ලාභයකුත් ලැබෙනවා. ඒ විදිහට සිනරියෝ 5ක් හදල තියෙනවා. ලෝඩ් 30,60,90,120 විදිහට.එතනට යනකොටත් අර කිව්ව ලාභ ආන්තිකය රඳවා ගෙන තිබෙනවා. ඒ නිසා මෙතන ලාභ ආන්තිකය කිසිම අඩුවක් වෙලා නැහැ. ඒවගේම දුෂ්කර ප්‍රදේශවලට ගියාට පස්සේ එයාලට දෙන ලාභ කොටස රු.8.45ක්. ඒ කියන්නේ ලාභ ආන්තිකයක් විදහට 4.5%ක්. අපි දන්නවා මූල්‍යමය පැත්තෙන් ගත්තම කිසිම අසාධාරණයක් වෙලා නැහැ. මම හිතන්නේ මෙතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ.”

එම නිසා වෙළෙඳපොල තුළ මෙවැනි අනවශ්‍ය තත්වයක නිර්මාණය නොකරන ලෙස රජය ලෙස අවධාරණය කරන බවත් රජයේ පාර්ශවයෙන් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩය බෙදාහැරීම වෙනුවෙන් උපරිමට මැදිහත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...