ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන වෙන්දේසියට ව්‍යාපාරිකයන් 199 ක් ඇවිත්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ (LNW):

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් , ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක් මෙන්ම භාවිතයෙන් ඉවත් කළ වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය ඊයේ  (28) සිදුකෙරුණු බව වාර්තා වේ.

එහිදී ඊයේ (28) දිනයේ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ 9ක්,  වොල්වෝ ජීප් රථයක්,  ක්‍රයිස්ලර් මෝටර් රථයක්,  මහේන්ද්‍රා බෝලෙරෝ රථයක්,  රෝසා බස් රථයක්,  ඩිස්කවරි රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් ඇතුලු වාහන 15ක් වෙන්දේසි වී තිබුණි.

ඉතිරි වාහනවලට අදාළ වෙන්දේසිය නුදුරේදීම පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි .

එම මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබාදී තිබු වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත්කළ උපදේශකරුවන් සහ කාර්ය මණ්ඩල විසින් භාවිත කළ වාහන බවයි .

මෙම වාහන මිලදී ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පැවතුන බවද වාර්තා වේ.

ලන්සු භාර ගැනීම ඊයේ (28) දහවල් 12 වන තෙක් පැවති අතර ලන්සු විවෘත කිරීම රාත්‍රී අටට සිදුකෙරුණ අතර,මෙම අවස්ථාවට ව්‍යාපාරිකයන් 199 දෙනෙකු පමණ එක්ව සිටි බවද පැවසේ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...