*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

සොයිසාගේ සිට සමන්ලාල් දක්වා

ඇල්බට් හිල්ඩබ්‍රෑන්ඩ් තියඩෝර් ද සොයිසා මෙරට ඉතිහාසයට එකතු වෙන්නේ ව්‍යවසායකයෙක් තරමටම දානපතියෙක් ලෙසය.ඒ ඔහු විසින් කරන ලද සුවිශාල සමාජ සේවාවන්ද පදනම් කරගෙනය.ඔහු වඩාත් ප්‍රකට වූයේ ඒ.එච්.ටී.සොයිසා ලෙස ය.ඔහුට වයස 51 දී පමණ ඒ වන විට මොරටුව විද්‍යාල,වේල්ස්කුමර විද්‍යාලය වැනි පාසල්වලින් එළියට එන ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ස්විය දක්ෂතාවය අඛණ්ඩව පවත්වාගෙන යන්නට ඉඩක් නැති බව වැටහිණි.ඒ සඳහා ඔහුටම අයත් අක්කර 5 ක් සහ තවත් මිලදී ගත් අක්කර දෙකක් යොදවා සාදන ලද ක්‍රීඩාංගණය සොයිසා ක්‍රීඩාංගණය විය.පසුකළෙක එය ටිරොන් ප්‍රනාන්දුගේ නමට නම් වුව ද සොයිසාගේ සමාජ සත්කාර්යයට හාකියක් නොවිණ.(ඊට හේතුව වූයේ ඔහු විසින් මේ ක්‍රීඩාංගණය 1979 දී ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමය.එතැන් සිට මෙය ටෙස්ට් සහ ජාත්‍යන්තර එක්දින තරග පිටියක් බවට පත් විය.)
ඔහු ඉංගිරිය ප්‍රදේශයේ ද අදටත් බොක්සිං වැනි ක්‍රීඩාවන්හි කැපී පෙණෙන ගාමිණි විද්‍යාලය ආරම්භ කිරීමටත් එම නගරයේ ඇති ක්‍රිස්තියාණි පල්ලිය ඉදි කිරීමටත් දායකත්වය දැක්වීය.ඉංගිරිය රෝහල ඉඳි වෙන්නේද සොයිසා විසින් කළ පරිත්‍යාග පදනම් කරගෙනය.

මොරටු පුතුන්ගේ ක්‍රිකට්වලට 1941 පමණ වන විට පෑදුණ මේ නිධානය වරෙක ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ද නිධානයක්ම විය.මොරටු ක්‍රීඩා සමාජය එම බිම පදනම් කරගෙන සැකසිණ.වෛද්‍ය ඒ.එම්.ප්‍රනාන්දු මොරටු ක්‍රීඩා සමාජය හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ පළමු ක්‍රීඩකයාය.අදටත් ඉතිහාස අත්දැකීම් ඇති බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම වමත් පිතිකරුවා එච්.අයි.ප්‍රනාන්දු ය.ඔහු සිය ක්‍රිකට් ජීවිතයම ගත කළේ මොරටු නාමය දසත පතුරවමින් මොරටු ක්‍රීඩා සමාජයේ ය.ජෙරී වවුචස්,අජන්ත මෙණ්ඩිස්,දයා සිරිසේන සිට මොරටු ක්‍රීඩා සමාජය පදනම කරගෙන නැඟුණු ශ්‍රී ලංකාව නියෝජනය කළ පිරිසගේ නාම ලේඛණය කුසල් මෙණ්ඩිස් දක්වා 47 කි.
නමුත් අද වන විට මොරටුව සරා කුසලානය දක්වා පහතට පැමිණ ඇත.වසරකට පෙර ඔව්හූ සරා කුසලානය දිනා ප්‍රිමියර් කරා එන්නට මඟ බලා සිටියි.නමුත් අද මේ ක්‍රීඩා සමාජයට උන් හිටි තැන් අහිමි වි ඇත.ඒ මොරටුව නගර සභාවේ ප්‍රධානියා වන නරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ මැදිහත්වීමෙන් එම දේපළ නගරසභා දේපළ් බවට පවසා මොරටු ක්‍රීඩා සමාජ ගොඩනැඟිල්ල සීල් තැබීම හේතුවෙන්ය.උසාවි නියෝගයකින් තොරව නගරාධිපතිවරයාගේ බලය යොදා සීල් තැබූ මෙම ගොඩනැඟිල්ල මොරටු ක්‍රීඩා සමාජයට පවරමින් ලැබුණ නඩු තීන්දුව මේ වන විට අභියාචනාවක් මඟින් නැවත විභාගයට කැඳවා ඇත.

කාලය දුවන්නේ ඒ ගොඩනැඟිළි ඇතුළේ ඇති වටිනා සම්පත් මෙන්ම මොරටුවේ ක්‍රිකට් ඉතිහාසය ගැන වටිනා ස්මරණ ද විනාශ කරමින්ය.නඩුවක්ව මේ අයිතිය පිළිබඳව උසාවිය තීන්දු කරන තෙක් අපේ විග්‍රහය නඩුවෙන් මෙපිටට කර කරන විග්‍රහයේදී සමන්ලාල් ප්‍රනාන්දු යන මොරටුවේ ප්‍රධාන පුරවැසියා මොරටු ක්‍රීඩා සමාජය නන්නත්තාර කිරීමට නොව පිදුම් දේ රැකිය යුතු තැනත්තාය.මොරටු ක්‍රිකට් ඉතිහාසයට සිවර්ණමය වටිනාකමක් ගෙනා ක්‍රීඩකයන්ගේ නමින් එහි ස්මාරක තනා මොරටු ක්‍රීඩා ඇගයිය යුත්තේ ඔහුය.එවැනි විශිෂ්ඨයන්ගේ පරම්පරාවල වර්ථමානය සොයා එවැනි ඇගයීමකට කැඳවා ආ යුත්තේ ඔහුය.සොයිසා විසින් කරන ලද සුවිශාල ධන පරිත්‍යාගයේ යම් අවුලක් සහිත තැනක් ඇත්නම් එය නිවැරදි කර යළි ප්‍රශ්නයක් ඇති නොවන්නට මොරටුව ක්‍රීඩා සමාජයට පැවරීම යුතුකම කර ගත යුත්තේ සමන්ලාල් ය.

නමුත් ඔහුට එවැනි අදහස් හිඟය.බලය යනු සියල්ල සේ හැසිරෙන ආකාරය අපි අරගලය අවස්ථාවේද දුටිමු.එහිදි ඔවුන්ගේ ඒ ම්ලේච්ඡත්වයට එරෙහි වීමේ නීතිමය මැදිහත්වීමට කොන්දේසි විරහිතව මුහුණ දුන් අය, ක්‍රීඩාංගණ සිඳුවීමේදී, සමන්ලාල් ගේ ආචාර ධාර්මිකව වැරදි විශිෂ්ඨ ඉතිහාසයක් මොරටුවේ ක්‍රිකට් වෙනුවෙන් නිර්මාණය කළ මොරටු ක්‍රීඩා සමාජයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග නීත්‍යාණුකූල බව ඔප්පු කිරිමට පෙනී සිටින බව මොරටු ක්‍රීඩා සමාජයේ ඇතැමුන් කියන්නේ අරගලයට ද දොස් පවරමින්ය.
නීතියෙන් ගැට දාලා මේක ගන්න පුළුවන්.මොරටුවෙ ප්‍රධාන පුරවැසියා එහෙම කරනවද මොරටුවට කීර්තියක් ගෙනා මොරටු පුත්‍රයන්ට උපහාර කර යම් නීතිමය බාධාවක් තියෙනවනම් එය ඉවත් කර එම ක්‍රීඩා සමාජයට නිවැරදි විදිහට එය පවරනවද?

මොරටු ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් අහන ප්‍රශ්නය හරි බරය.සමන්ලාල්ලාට නොහැඟෙන දේශපාලන කෘරත්වය විසින් සහ බලකාමය විසින් වසා දමන ලද ඔවුන්ගේ හෘද සාක්ෂියට සැබෑ වීරයන් පෙනෙන්නේ නැත.ශ්‍රී ලංකාව වෙනුවෙන් 47 දෙනෙක් පිටියට බට ක්‍රීඩා සමාජයක ඉතිහාසය වළ දමා නාමිකව එය ඝාතනය කර සමන්ලාල්ලා ශ්‍රේෂ්ඨයෝ බවට ඉතිහාසට එකතු කර ගන්නට ගන්න ව්‍යාජ උත්සාහය ඇතුළේ වෛද්‍ය ඒ.එම් ලා,අති විශිෂ්ඨ වමත් පිතිකරු එච්අයි ලා ප්‍රනාන්දුලා වීම ගැන මිය ගොස් ද දුක් වෙනවා සැක නැත.වර්ථමානයේ වයස අවුරුදු 70 වී ද,මොරටු ක්‍රීඩා සමාජයට පෙමෙන් බැදුණ දයා සිරිසේන වැනි ක්‍රීඩකයින් ගැන පුරාන කතාවල ඇසෙන්නේ තමන්ට ලැබිය යුතුව තිබූ ශ්‍රී ලංකා නායක අවස්ථා පවා මොරටු ක්‍රීඩා සමාජය සමඟ රැඳෙමින් කැප කළ බවය.ඒ මොරටුව කුඩාවට සැළකීම නිසාය.

වර්ථමානයේ ඒ තත්ත්වය වෙනස් කර මොරටු ක්‍රීඩා සමාජය ප්‍රිමියර් තත්ත්වයට ඔසවන්නටත්,ඔවුන්ට ලංකාවේ ඉහළම ක්‍රීඩා සමාජයක් වන්නට අවශ්‍යය පහසුකම් ස්ථාපිත කිරිම සඳහා මැදිහත් වීමටත් තමන්ගේ පුරවරයේ ඊට දායක විය හැකි පුරවැසියන් සංවිධානය කර දීමෙන් මැදිහත් වූ ප්‍රධාන පුරවැසියාට අවශ්‍යය වි ඇත්තේ එම ඉතිහාසය මකා දමන්නය.වසා දමන්නය.සෑඹ මොරටු පුත්‍රයෙක්ටම ආඩම්බර විය හැකි ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩා කරන්නට ක්‍රිකට් ක්‍රීඩකයින් 47 ක් නිර්මාණය කරපු ඉතිහාසයක් වල දමා ඒ මත වීරයෙක් තැනීම සමන්ලාල් ට ඡන්දය දි ඔහුව ප්‍රධාන පුරවැසියා බවට පත් කළ අය අපේක්ෂා නොකළේනම් අද මොරටු ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඒ සියල්ල එකතු විය යුතුය.නගරයකට නගරාධිපතිවරයෙක් පත් කර ගැනීම තරම් රටකට ක්‍රීඩකයෙක් සැකසීම පහසු නැත.රට වෙනුවෙන් ජාත්‍යන්තරයට යන ක්‍රීඩකයා ද තමන් වෙනුවෙන් බලය තහවුරු කර ගන්නට වැඩ කර සැකයට බඳුන් වී සිරගත වන දේශපාලකයාද මොරටුවට වැදගත් යන්න සිතීම මොරටු වැසියාට භාරය.

තමන්ගේ ප්‍රදේශයේ ඉතිහාසය හැඩ කළ තැන් වළලා ඒ මත පිළිල පැල කරන පාළකයෝ හරියට බැලුම් මෙන්ය.ඔවුන් හුළංවල ප්‍රමාණය නොදැන පිම්ඹෙයි.අපි බලා සිටිමු,අධිකරණය දෙසත්,පළාත් පාලන මැතිවරණයයේ කතිරාධිකරණය දෙසත්.මොරටුවට ලෝකයේ නමක් ඇති කළ ජාතික තලයේ ක්‍රීඩකයන්ගේ ලේ දහදියෙන් තැණුන මොරටු ක්‍රීඩා සමාජ ගොඩනැඟිල්ල පළාත් පාළන ආයතනයෙන්ම සැළසුම් අනුමත කර ඉදි කර ඇත්නම්…ඒ අනගි ඉතිහාසය පයින් පාඟා දමන පාළකයාට තව දුරටත් ඔබ ඔබේ දරුවාගේ අනාගතය භාර දෙන්නට කැමතිද? සාමාන්‍ය පුරවැසියාට තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩාවෙන් පෙරට යන්නට ඇරුණු දොරට ඇණ ගසන්නට ඇණ තෝරා දෙනවාද…… එය මොරටු පුරවැසියා තීරණය කළ යුතුය.තවත් කුසල් මෙණ්ඩිස්ලාගේ,එච්අයි ප්‍රනාන්දුලාගේ,දයා සිරිසේනලාගේ කතාව ප්‍රතිනිර්මාණය කළ හැකි දක්ෂයන්ගේ අවස්ථාව වළලා දැමීම තමන්ගේ පුරවරයෙන් තමන් පමණක් වැජඹෙන්න හිතන පුරවැසියෙකුට මිස තමන් යටතේ සිටින පුරවැසියා නැඟී සිටුවීම තමන්ගේ අභිප්‍රාය සහ දේශපාලනය කර ගත් අයෙකුට කළ නොහැකිය.

වීර චාරිකාවක සොඳුරු තැන් අතහැරී ඇත්නම් යම් නීතිමය ලිහිල් භාවයකින්,ඒවා අත් නොහැරෙන්නට ශක්තිමත් කර ඒ චාරිකාවේ විරයන් වෙත,ඒවා නිසි පරිදි පුද දීම යුතුකම කරගත යුතු මිනිසෙක්ගේ ස්ථානයට වැරදි නියෝජනයක් තෝරා ගත් මොරටු පුරවැසියන්ට, තමන්ට වීරයන් කියා දරුවන්ට පෙන්නිය හැකි මිනිසුන් පිළිබඳ මතකය රකුසෙකුට පවරා නිහඬව සිටිය හැකිද?

මොරටු ක්‍රීඩා සමාජයෙන් බිහි වූ දක්ෂයන් ආඩම්බරය ගෙනාවේ සමස්ත මොරටුවට ය.සමස්ත මොරටුවට මොරටු ක්‍රීඩා සමාජය තමන්ගේ විය යුත්තේ ඒ නිසාය.
මෙම ක්‍රීඩාංගණය මොරටු ක්‍රීඩා සමාජයේ දේපළක් බවට එදා සිටම පැවති බවට විකිපිඩියා වෙබ් අඩවිය ද සඳහන් කරන්නේය.
https://en.wikipedia.org/wiki/De_Soysa_Stadium

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan