*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

බදු විරෝධය ප්‍රගතිශීලීද ?

විදුලිබල මන්ඩණයේ වෘතීය සමිති සහ තවත් වෘතීය සමිති ගනනාවක් විසින් වැඩවර්ජන රැළ්ලක් කැඳවා තිබේ. එහි අරමුණ රාජ්‍ය සේවයේ ඉලක්කම් පහේ වැටුප් තල සඳහා අයකිරීමට යන බද්ද ඉවත්කර ගැනීම සඳහාය. එහිදී මේ බදු විරෝධී ඉල්ලීමට විදුලි බිල හා ජල බිල වැඩි කිරීමට එරෙහි විරෝධයක්ද එල්ලාගෙන ඇත.  

බදු ගැසීම වලක්වාගැනීමේ අරගලයට විදුලි බිල වැඩිකිරීමට එරෙහි සටන් පාඨය එකතුවෙන්නේ බදු විරෝධී අරගලයට අවශ්‍ය ඊනියා පොදු ජන සහය ලබාගැනීම සඳහා විය යුතුය. මන්ද වැඩිවෙන විදුලි බිල යනු මෙකී විදුලි වෘතිකයන්ගේ වරදාන වරප්‍රසාද හා විශාල වැටුප් තලවල ඓක්‍යයම විනා අන් කවරක්වත් නොවන හෙයින්..

සාමාන්‍යයෙන් රාජ්‍යයක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදු ආදායමයි. රජය විසින් ඒ බදු අයකරගනු ලබන්නේ එක්කෝ ඝෘජු බදු හරහාය නැත්නම් වක්‍ර බදු හරහාය. මෙහිදී වක්‍ර බදු යනු රටේ දුගී,මගී, යාචකයන්ට පවා ගෙවීමට සිදුවන බද්දකි. අඩු ආදායම් ලාබී මිනිසුන් සිඟමනට වැටුන මෙවන් මොහොතක එවැනි බද්දක් පවත්වාගෙන යාම එකී මිනිසුන් සියදිවි නසාගන්නා තැනකට තල්ලුකර දැමීමකි. එබැවින් මෙවන් මොහොතක පැනවිය හැක්කේ ඝෘජු බදු පමණයි.

එහෙයින් මේ මොහොතේ රාජ්‍ය වෘතීය සමිති නිලධරයේ මැදිහත් වීම හරහා කරළියට එන මේ ඝෘජු බදු විරෝධයට කිසිදු සාධාරණ පදනමක් නැතිබව අකමැත්තෙන් හෝ සඳහන් කිරීමට සිදුවේ. මන්ද, මේ මොහොතේ බහුතර ජනයාගේ රැකියා අහිමිවී හා සියළු ආදායම් මාර්ග ඇහිරී ඇති පසුබිමක තම වැටුපේ අන්තිම ලූනු බිකත් රැකගැනිම වෙනුවෙන් කරන මේ වැඩවර්ජන හරහා රටේ ආර්ථිකයත් සෙසු ජනතාවත් තවතවත් අගාදයකට වැටිය හැකි බැවින්.

විශේෂයෙන්ම මේ මහා ආර්ථික අර්බූදය නිර්මාණය වීමට හේතුවූයේද එක් මසකට රුපියල් බිලියන සීයයක පමණ ධනස්කන්ධයක් වැයකරමින් නඩත්තුකරගෙන යන නමුත් කිසිදු ප්‍රතිලාබයක් ජනනය නොකරන රාජ්‍ය ආයාතන පද්දතියේ ඇති අකාර්යක්ෂම තාවයයි. මේ සඳහා එක් සරළ උදාහරණයක් ගන්නේ නම් පසුගිය සමයේ රට තුල ඉන්දන නොමැතිව තෙල් සංස්ථාව අක්‍රීයව තිබූ කාලය තුල පවා තෙල් සංස්ථාවේ අතිකාල දීමනා වෙනුවෙන් පමණක් කෝටි ගානක මුදලක් වැයවූ බව සැලවී තිබින.

ඇත්තෙන්ම රට මේ ප්‍රපාතයෙන් ගොඩට ගැනීමට නම් සියල්ලට පෙර මේ රාජ්‍ය ආයතන මකර කටවල් ටික ප්‍රතිව්‍යුහගත කල යුතුමය. එසේ නොවන්නේ නම් මතුවටද ගෝලීය ණය මූලාශ්‍ර වලින් ගන්නා සියළු ණය වැයකිරීමට වන්නේ මේ රාජ්‍ය ආයතන සුදු අලි නඩත්තුවටය. නමුත් අවාසනාවට මෙන් වර්තමානයේ මේ රාජ්‍ය ආයාතන ඒ තුල ඇති වෘතීය සමිතිවල අත් අඩංගුවේ පවතින බැවින් දැන් ඒවා කීයටවත් ප්‍රතිව්‍යුහගතකල හැකි තත්වයකද නැත..

ඕනෑම ආයතන ව්‍යුහයක් පෞත්ගලික අංශය සතුවූ විට ඒ අයතනික ව්‍යුහය තුල මහාපරිමාණ වංචා දුෂණ අකාර්යක්ෂමතා පවතින්නේ නැත. මන්ද එවන් අක්‍රමික තත්වයක් පෞත්ගලික අංශය තුල ඇතිවුවහොත් ලාබ ඉපැයීම ඇන හිට එකී ආයාතන ව්‍යුහය කඩාවැටී ආයතනය වැසී යාමට ලක්වන බැවින්.

නමුත් යම් ආයතන ව්‍යුහයක් රාජ්‍ය අංශය සතුවූ විට එහි දූෂණ වංචා, අකාර්යක්ෂම තාවය ඉහවහා ගොස් ආයතන ව්‍යුහය  බංකොලොත් උනද එකී ආයාතන පද්දතිය පවත්වාගෙන යෑමට මේ බංකොලොත් කම කිසිදු බාදාවක් වන්නේ නැත. හේතුව එකී දූෂණ වංචා අකාර්යක්ෂමතාවය නිසා අහිමිවන ධනස්කන්ධය රජය විසින් නැවත නැවතත් අකන්ඩව එකී ආයාතන ව්‍යුහයට පොම්පකරන බැවින්. බොහෝවිට ලාංකීය රාජ්‍යය විසින් මේ සඳහා මුදල් උපයා ගත්තේ විදේශ ණය මූලාශ්‍ර වලින් පොලියට ගන්නා මුදල් වලිනි.

ඇත්තෙන්ම අප රට තුල ක්‍රියාත්මක වන ආර්ථික මොඩලය ධනවාදී එකක්ද නොවේ. මෙහිදී ලංකාවේ නූතන  ආර්ථික ක්‍රියාවලිය යම් දුරකට විකෘති නිලධාරීවාදී ආර්ථික ව්‍යුහයක් ලෙසද හැඳින්විය හැකිය. මන්ද ධනවාදයක් ඇත්නම් වැඩකරන වෘතිකයන් සූරාකෑමකට ලක් විය යුතුය. ඒ සඳහා සූරාකනු ලබන ධනපතියෙකුද සිටිය යුතුය. නමුත් මේ රාජ්‍ය ආයාතන ව්‍යුහය තුල සිදුවන්නේ අකාර්යක්ෂම වෘතිකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රටේ බහුතර පීඩිත ජනයා බදු ගෙවීම හරහා නිර්දය සූරාකෑමකට ලක් වීමයි.

අනික් පැත්තෙන් වෘතීය අයිතිවාසිකම් යනුවෙන් දෙයක් පැවතීමට නම් වෘතිකයන්ගේ ශ්‍රමය සූරාකන ධනපතියෙකුද සිටිය යුතුය. නමුත් ලංකාව තුල මේ රාජ්‍ය ආයාතන පවත්වාගෙන යන්නේ එවන් ධනපතියෙකුගේ ප්‍රාග්ධනය හරහා නොවන අතර මේ ආයාතන පද්දතිය දරා සිටින්නේ පීඩිත මහ ජනතාවගේ බදු මුදල් වලිනි.

නිර්බයව පවසන්නේ නම් ඇත්තවශයෙන්ම මේ රාජ්‍ය ආයාතන ව්‍යුහය මේවනවිට අකාර්යක්ෂමතාවයේ තිප්පොලවල් බවටද නිලධාරී වාදයේ නින්දගම් බවටද ඌනනය වී ඇත. මේ නිලධාරීවාදී මනෝබාවයට අනුව රාජ්‍ය වෘතීන් යනු අයිතිවාසිකම් ඉහලින්ම බුක්තිවිඳින නමුත් තමාගේ යුතුකම් කොටස තඹේකට මායිම් නොකරන අට, පහ අතර කාලය කාදමන විවේකාගාර වැනි තැන්වේ. අවශ්‍ය සේවක පිරිස මෙන් දෙගුණයක සේවක පිරිසක් සිටින මේ ආයතන පද්දතිය තුල උඩ සිට යටටත් යට සිට උඩටත් අකාර්යක්ෂමතාවය සහ වංචා දූෂණ පිළිකාවක් සේ උඩු දුවනු ලැබ ඇත. මේ ආයාතන වල ඉහල නිලධාරීන් එකී ආයාතන ඔවුන්ගේ නින්දගම් බවට පත්කරගෙන ඇති අතර පහල සේවකයන් යනු දේශපාලන පත්වීම්වලින් පුරවනු ලැබූ ඒ ඒ දේශපාලකයන්ගේ කෝටාවන්ය. එබැවින් ඔවුන් මේ ආයාතන වලට එන්නේ තමන් කඩේ ගිය දේශපාලකයාගෙන් ලැබුන දේශපාලන පාරිතෝශිකය ලබාගැනීමට මිස වැඩ කිරීමට නොවේ.

රාජ්‍ය ආයතන ව්‍යුහය තුල දූෂණය අකාර්යක්ෂමතාවය පවතින්නේ එහි අභ්‍යන්තර ගනුදෙනු වලදී පමණක් නොවේ. ඔවුන් පිටත සමාජය සමඟ කරන ගනුදෙනු වලදී ද මේ අකාර්යක්ෂමතාවය සහ දූෂණය විද්‍යාමාන වේ. රජයේ සේවකයෙකු ගෙන් වැඩක් කරවා ගැනීමට නම් කීයක් හෝ අතමිට මෙලවිය යුතුබව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි.

රට තුල ඇති දූෂණ වංචා විමර්ශනය කිරීමට ඇති ආයාතන ව්‍යුහය පවා මේ අකාර්යක්ෂම දූෂන වංචාවන් විසින් ගිලගෙන ඇත. ට්‍රැෆික් දඩ, සුරාබදු, දඩ, සෞඛ්‍යපරීක්ෂක දඩ, පාරිභෝගික අධිකාරියේ දඩ යන මේ දඩ මුදල් හරහා රජයට අයවිය යුතු ආදායම හොර පාරෙන් නිලධාරීන්ගේ පසුම්බි වලට යනබව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි.

වංචාවන් විමර්ශනය කිරීමට ඇති ආයතනවල තත්වය මෙසේ නම් යකඩ මල්ලට ගුල්ලෝ ගැසූ කල හාල් මල්ල නොබලාම විසිකරනු කීවාසේ අනික් ආයතන ගැන කතාකිරීමෙන් පවා පලක් නැත. මේ නිලධාරී තන්ත්‍රයේ වර්ජනය ජයග්‍රහණය කලහොත් එහි ඵලය වන්නේ ඔවුන්ගේ ලක්ෂ ගනනින්වූ වැටුපට පැනවීමට නියමිතව තිබූ ඝෘජු බද්ද කිසිදු ආදයමක නැති මිනිසුන්ගේ එදාවේලට කරා වක්‍ර බදු මතින් තල්ලුවීම ය.

සියළු තත්වයන් සලකා බැලූ විට මේ නිලධාරීන්ගේ බදු විරෝධය යනු පෙර කී රට ආර්ථික වශයෙන් කඩාබිඳ දැමූ වංචා දූෂණ හා අකාර්යක්ෂමතාවයේම දිගුවක් ලෙසම හඳුනාගත හැකිය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan