තවත් ගාස්තු ඉහළ යාමක්

Date:

පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සදහන් වෙයි.

ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරිමේ මෙතෙක් පැවැති රුපියල් 15,000 ගාස්තුව රුපියල් 35,000කින් ඉහළ නංවා තිබේ.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒ අනුව නව ගාස්තුව රුපියල් 50,000ක් බවය.

මීට අමතරව ලියාපදිංචිය අළුත් කිරිමේ ගාස්තුව ද රුපියල් 10,000 සිට 25,000 දක්වා රුපියල් 15,000කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනයක බලපත්‍රය කල්ඉකුත් වී පළමු මාසය තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 10,000ක් ලෙසත් බලපත්‍රය කල් ඉකුත් වී දින 31ත් 90ත් තුළ ප්‍රමාද ගාස්තුව රුපියල් 25,000ක් ලෙසත් ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

කෙසේවෙතත් දින 90න් පසු ප්‍රමාද ගාස්තුව රුපියල් 35,000ක් ලෙසත් සංශෝධනය කර තිබේ.

මෙම සංශෝධන පසුගිය මස 20 වන දින සිට ක්‍රියාත්මක විය යුතු බවට ද එම ගැසට් නිවේදනයේ සදහන් වෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...