යුක්රේනයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට විදේශ ඇමති මැදිහත් වෙයි

Date:

යුක්රේනයේ යුද ගැටුම්වලට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා මැදිහත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. යුක්රේන – පෝලන්ත දේශසීමා හරහා ඔවුන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

මේ වනවිට යුක්රේනයේ ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකෙු රැඳී සිටින බව වාර්තා වේ. අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටින පුද්ගලයන් දෙදෙනෙකුද ඊට ඇතුළත් වේ.

පෝලන්තයේ වෝර්සෝ සහ තුර්කියේ අන්කාරහි ශ්‍රී ලාංකික තානාපති කාර්යාල ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා මැදිහත්ව සිටී.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලාංකිකයන්ට සුරක්ෂිතව ගමන් කිරීමටත්, මෙරටට නැවත පැමිණීමේ කටයුතු සඳහාත්, අන්කාරා සහ වෝර්සෝහි සිටින ශ්‍රී ලංකා තානාපතිවරු යුක්රේනයෙන් පිටවන ශ්‍රී ලාංකිකයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවය.

මේ අතර යුක්රේන ගැටුම්වලට මැදිහත්ව සිටින බොලරුස් රාජ්‍යයේ සිටින සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 1600 කට වැඩි පිරිසක් සමගද රුසියානු තානාපති කාර්යාලය හරහා සබඳතා ගොඩනගාගෙන සිටින බවද විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...