*
Friday, April 19, 2024
spot_img

Latest Posts

යුක්රේනයේ සිදුවන යුද අපරාධ පිළිබඳව විශේෂ පරීක්ෂණයක්

යුක්රේනය තුළ සිදුවන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට ජාත්‍යන්තර යුද අධිකරණය තීරණය කර තිබෙනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හා රුසියානු ජනතාවට ප්‍රහාර එල්ල කිරීම මනුෂ්‍යත්වයට එරෙහි ඒවා ලෙස සලකමින් මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇත.

මේ අතර රුසියාවට සම්බාධක පැනවීමේ තීරණයට තවත් රටවල් එකතුවෙමින් තිබෙන අතර අනෙක් පැත්තෙන් යුක්රේනයට යුද ආධාර ලබාදීමට රටවල් රැසක් කටයුතු කරමින් සිටිනවා.

රුසියානු ජනාධිපතිවරයාගේ, විදේශ ඇමතිවරයාගේ සහ රුසියානු මධ්‍යම බැංකුවේ වත්කම් තහනම් කිරීමට ජපානයද පියවර ගෙන තිබේ.

යුක්රේනයට යුද ආධාර සැපයීමට ඔස්ට්‍රේලියාව ඉදිරිපත්ව සිටී. අග්‍රාමාත්‍ය ස්කොට් මොරිස් කැන්බරා අගනුවරදී මාධ්‍ය අමතමින් සඳහන් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 70 ක් වටිනා යුද ආධාර ලබාදෙන බවයි. මිසයිල, උණ්ඩ ඇතුළු යුද උපකරණ ඊට ඇතුළත් වේ.

රුසියාවේ සහායට සිය හමුදා යුක්රේනය වෙත යැවීමට බෙලරුසියාවද පියවර ගත් අතර මේ නිසා බෙලරුසියාවටද ජාත්‍යන්තර විරෝධය එල්ල වී තිබේ. ලෝක රග්බි සම්මේලනය නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රුසියාව සහ බෙලරුසියාව සමග කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගි වීම ලෝක රග්බි සම්මේලනය නියෝජනය කරන රටවල්වට තහනම් කරන බවයි. රග්බි සම්මේලනයේ රුසියානු සාමාජිකත්වය අත්හිටුවීමටද ඔවුන් පියවර ගෙන තිබෙනවා.

මීට පෙර යුරෝපා පාපන්දු සම්මේලනය විසින් රුසියානු පාපන්දු ක්‍රීඩා සමාජවලට තහනමක් පැනවීමට කටයුතු කර තිබිණි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan