Thursday, March 30, 2023
spot_img

Latest Posts

වැඩවර්ජනය ගැන දැනුම් දී තිබියදී රෝහල් වෙත පැමිණ දන්නේ නැහැ කියන්න එපා – වෘත්තීය සමිති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

වැඩවර්ජනය ගැන දැනුම් දී තිබියදී සේවා ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණ වැඩවර්ජනයක් ගැන නොදන්නා බව නොපවසන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් අද (01) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් හෙට දින පෙරවරු 08.00 සිට පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ රවී කුමුදේශ් මහතා පැවසුවේ මෙම වැඩවර්ජනය වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පසුගිය දින 14ක කාලයක් පැවති බවයි.

එම දින 14ක කාලය නිවැරදිව භාවිතා කළා නම් මෙම වැඩවර්ජනය වළක්වා ගැනීමට ඉඩ තිබුණු බවයි ඔහු පැවසුවේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.