රුසියානු ප්‍රහාරවලින් ඉන්දියානුවෙක් මරුට – යුක්රේනයේ සිටින විදේශිකයන්ගේ ජීවිත අනතුරේ

රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යකෙු මරණයට පත්ව තිබෙනවා. මෙම මරණය වාර්තා වන්නේ රුසියානු ප්‍රහාර හේතුවෙන් මියගිය පළමු විදෙස් ශිෂ්‍යයා ලෙසයි.

යුක්රේනයේ කාර්කිව් නගරය ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මෙම ඉන්දියානුවා මියගොස් තිබේ.

21 හැවිරිදි මෙම කර්ණාටක වෛද්‍ය ශිෂ්‍යයා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳ සංකීර්ණයක පෝලිමේ සිටියදී ෂෙල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මෙම මරණය පිළිබඳව සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. මෙම මරණය ඉතා අවසානාවන්ත සිදුවීමක් බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙම ශිෂ්‍යයා කාර්කිව් නගරයේ රජයට අයත් ගොඩනැගිල්ලක් අසල පදිංචිව සිටි අතර එම ස්ථානයද රුසියානු ප්‍රහාර හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.

ඉන්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000 කට වැඩි ප්‍රමාණයක් යුක්රේනයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් සිටින අතර ඔවුන් බේරා ගැනීම සඳහා ඉන්දීය රජය මේ වනවිටත් යුක්රේනය වෙත සිය ගුවන් යානා යවා තිබෙනවා.

තවත් රටවල් රැසක් යුක්රේනයේ සිටින සිය රටවැසියන් බේරා ගැනීම සඳහා මැදිහත්වෙමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...