පුටින්ගේ පටි ගැලවෙයි !

Date:

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලබා දී තිබූ කලු පටි අහිමි කිරීමට ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනය පියවර ගෙන තිබේ. එසේම පුටින් ජනාධිපතිවරයාට ලබා දී තිබූ සම්මාන සභාපති ධුරයද යළි කැඳවීමටයි තීරණය කර තිබෙන්නේ.

ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනය මෙම තීරණයට එළඹියේ පුටින් ජනාධිපතිවරයා විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙනි. රුසියානු හමුදා, යුක්රේනයේ අගනුවර ඇතුළු නගරවලට බෝම්බ හෙළීම ආරම්භ කිරීමත් සමග කලු පටි ඉවත් කිරීමත් සම්මාන සභාපති ධුරය අහිමි කිරීමත් සිදු විය.

මේ අතර ලබන මැයි මාසයේදී රුසියාවේ කසාන් නගරයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය අත්හිටුවීමටද තීරණය කර ඇත.

මේ අතර ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් පුටින් වෙත පිරිනමා තිබූ කලු පටිද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. යුක්රේනය ආක්‍රමණය කිරීමට පුටින් ගත් තීරණය දැඩිලෙස හෙළා දකින ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය පවසන්නේ එය ‘ජයග්‍රහණයට වඩා සාමය වටී’ යන ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය ආදර්ශ පාඨයට එරෙහිව යාමක් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...