*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඩස්පින් – බබා තැනම නැවතුණු වැඩිහිටියො

මේ යන්නෙ දාරක සෙනේ හොදටම දැනෙන කාලයක්.දෙරණෙන් කරපු සිදු එකේ පොඩි තැන ඇත්තටම සිවුරක් දාගෙන දාගැබ් චෛත්‍ය හදන්න පෙරුම් පුරනවනෙ.ඒකට ආසාවෙන් මහන වෙනවා කිව්වම පිංවතියො පිංවතුන් සාදු කියනවා.ආසාව අත හැරීම ගැන බන කියන්නත් ඒ උන්නාන්සෙ රට පුරා වඩිනවා කිව්වම ඒකටත් සාදු කියනවා.අන්න එහෙම එකකට එකක් නොගැලපෙන එක ප්‍රතිපත්තියක ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක.ඕක ඉතිං පොඩි එකාගෙ සිවුරට විතරක් නෙමෙයි හැම එකටම අදාළයි.

එහෙව් එකේ හොඳම එකෙන් රට හදන්න ගෙයක් ගානෙ ගිය අය,හන්දියක් ගාණෙ ත්‍රීවීල් පාර්ක්වල මාර පොරක් එනවා කියලා පොර ටෝක් දුන්න උන් මේන් දැන් වෙන කෙනෙක් ගේන්නලු.ඒකෙ හොඳම වැඩේ තියෙන්නෙ ඒ කාලේ වැඳගෙන පුදාගෙන හිටපු ලොක්කෙක් වෙන පැත්තකට ගියොත්…
එහෙම දෙයක් වුණොත් කුණුහරුප හද හදත් බනිනවා.දැන් එහෙම මහින්දට හරි ගෝඨාභයට හරි බැහැලා වැඩ කරපු සෙට් තමයි එයාල දැන් දරණ අදහසට වෙනස් කිසිම දෙයක් කියන්න දෙන්නෙ නැත්තෙ.සිංදු ලියලා,තාල දාලා,සිංදු කියලා,නැටුම් හදලා,නැටුම් නටලා,බෙරත් පලපු අය දැන් බලන්නෙ තමන්ගෙ හෘද සාක්ෂිය කරන බලපෑමෙන් හැංගෙන්න දැන් තමන් එක්ක නැති උන්ව ඇහේ ඉදන් පට්ට ගහන්න ප්ලෑන් කරන එකයි.

රාජපස්ස මහත්තුරු අතිශයින් සිංහල කරලා ඊට පස්සෙ බෞද්ධ කරලා හදපු ඔළු මාර බෞද්ධයි.වෙන අදහසක් දරන,වෙන ජාතියක් ආගමක් තියෙන තමන්ට එකඟ නැති මොනම හරි දෙයක් එක්ක මාර වෛරයක් හදාගන්න පුළුවන් මට්ටමට හිත දියුණු කර ගත්තු මිනිස්සු තමයි ඒ හැමෝම වගෙ.දැන් ඉතිං ආපහු පොඩි පොඩි විශ්වකර්ම වැඩ වෙන්න පුළුවන් ඉඟි දෙමින් හාමුදුරුවරු වඳින පවුලෙ මහත්තුරු පන්සල්වලට වඩින්න පටන් අරගෙන තියෙන්නෙ.
කොහොම වුණත් මේකට මං හිතන්නෙ හේතුව මිනිස්සු ගොඩක් වෙලාවට ඉන්නෙ කාගෙ හරි මඩක හිටවපු ඉන්නක් වගේ.ඒක ඉතිං එතනට එන හුළං එක්ක තමයි පැද්දෙන්නෙ.

උමංදාවේ හාමුදුරුවො දෙයියො නැහැ කියන කොට සාදු කිව්ව වගේම දැන් කෝටි හතක් වියදම් කරලා කතරගම දේවාලයක් හැදුවා කිව්වම රුපියල් හතක් නැතිව ඉන්න ගමන් දේවාලෙ වැදලා පඩුරු දාලා එන්න තියෙනවනම් කියලා හූල්ලන,අතට කීයක් හරි ආවම එහේ යන්න හිතාගෙන ප්ලෑන් කරන පිංවන්තයො පිරුණ රටක් මේක.එතනදි කියා දෙන්න පුළුවන් ද උඹට ඒ කෝටි හතේ එක වඳින්න යන්න අතේ රුපියල් හතක් නැති වෙන එකෙයි වෙනස හැදෙන්නෙ කොහොමද කියලා.ඔය රන් ආලේප කරපු වහලවල් තියෙන පන්සල්වලට තමයි මිනිස්සු බඩගින්නෙ ඉදලා හරි ගිහිං පඬුරු දාන්න කැමති.රත්තරන් පාටට ඉන්න රත්තරන් පොරවගත්තු මිනිස්සු රත්තරන්වලටත් වැඩිය ගණන් වාහනවලින් ඡන්දෙ ඉල්ලන්න ආවම තමන්ගෙ බදුවලින් තමන්ට වැඩිය මුං රත්තරන් සැප විඳිනවා කියලා හිතන්නෙ නැතුව අපේ ඡන්දේ දෙන එකා තමයි වැඩිය හොරා,වැඩිය සල්ලි තියෙන එකා.වැඩිම මදාවියා.වැඩිම කුපාඩියා කියලා හිත හදාගෙන ඒ ලොකුකම්වලට පාර්ලිමේන්තු යවන මිනිස්සු ඉන්න රටක් මේක.

ඒ වගෙම තමයි ලුම්බිණිය දන්නෙ නැති පොඩි එකාව බුලි කරපු ටීචර්ව දඬුකදේ ගහන්න සැළසුම් කරන අතරෙම ස්කෝලෙ එන වයසෙ පොඩි එකෙක්ට සිදුහත් කුමාරය ඉපදුණු තැන කියා දීල නැහැ කියලා පොඩි එකාගෙ හත්මුතු පරම්පරාවටම හෙව ඉල්ලන සිරා බෞද්ධයොත් කඩපිල් ගාණෙ අහු වෙනවා.ඒ වගෙම මේ ටීචර් පංතියෙ ඉන්න හුරතල් ලස්සන පොඩි එකෙක්ගෙ සිඳුවීමක් තමන්ගෙ සමීප එකෙක් එක්ක බෙදා ගත්තම, ඒ බෙදා ගත්තු එව්වො තව තව අයට ෂෙයාර් කරලා, ආතල් සීමාවක් නැති එකෙක් මේක සමාජ ජාලවලට අත ඇරලද කියලත් නොදැන ඉතිං අර මිස්ට දෙස් තියෙන එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිකෙන්නෙ, මොකක් හරි දුකක් හරි රහක් තියෙන එකක් පෙන්නුවම අනේ මටත් දාපං මචං කියන යාළුවො අපි කාටත් ඉන්න නිසයි.

කොහොමත් ඉතිං ළමයි බුලි කරන්න හොඳ නැහැ.උන්ට ළමා කාලය නැති කරන්න හොඳත් නැහැ.සමහරු සනත් නිශාන්ත මැරුණු වෙලෙත් මනුස්සයගෙ දරුවන්ගෙ හිත් රිදවන්න එපා කියලා හැඬුව හැටිත් අපි දැක්කනෙ.
ඒකෙනම් ඉතිං ප්‍රශ්නය තියෙන්නෙ ඇත්තටම ළමයින් ගැන තියෙන කම්පාවද කියන එකත් ප්‍රශ්නයක්.ඒ මොකද ඒ වෙලාවෙ තමන් කොයි මඩේ හිටෝලද කියන එක තමයි අන්තිමටම වැනෙන හැටියෙන් පේන්න ගන්නෙ.මේ ඉස්සෙල්ලා මතු කරපු දරු ප්‍රශ්න තුනේදි එක එක්කෙනාට දරුවො කියන එක දැණුනෙ එහෙමයි නේද?සනත් නිශාන්තල එක්ක හොඳටම කරන්න ගිහිං දැන් රනිල්ගේ මඩේ වැනෙන ඉණි තමයි එවෙලෙ දරු සෙනෙහසින් කෑ ගැහැවිවෙ.
ඒ වගෙම ඒ අය අර සෝරත ඇත්තටම සිවුර දාන කොට තමන්ගෙ නයි කොම්පැණියෙ එකා වෙනුවෙන් ඒ දරුව කියන ආසාවෙ කතන්දරවලට සාදු කියන්න පෝලිමට ආවා.ඒ වගෙම තමයි මේ අස්සෙ ආයෙ චෛත්‍යය දාගැබ් හරහා පිං අත් කර ගන්න ජාතියෙ මිනිස්සුන්ගෙ අත් එකතු කර ගන්න වැඩෙත් හෙමිහිට හෙමිහිට වෙමින් තියෙන්නෙ.ඒ දරුවා වැරදි මහණකම ගැනම වැරදි අදහසක ඉද්දි ඒක අවබෝධ කරලා දෙන්නෙ නැතුව නොමඟ ගිය ළමාකමේ ආසාවට සිවුරක් පොරවන එක ගැන කතා කරනවා වෙනුවට දිලිත්ගෙ මඩේ ඉඳගෙන වැනෙන්න ගත්තා.

දැන් ඊට පස්සෙ ස්කොලෙ වැඩේදිනම් දරුවා වෙනුවෙන් කම්පා වෙන පිරිස අර දෙකටම වඩා නැගලා ගියා.ඒ සමහර කෙනෙක්ට හැකියාවක් තිබුණනම් ටීචර් එවෙලෙම රස්සාවෙන් දොට්ට දාන මට්ටමේ කතාත් කිව්වා.හැබැයි ඒ කතාවෙ තියෙන්නෙ සාධාරණ දරු සෙනෙහසද නැද්ද කියන එක හරියටම දැනෙන්න ගත්තෙ ඊට පස්සෙ සජිත් එයාගෙ ළමයා වඩාගෙන යද්දි ඒ සමහර අය කියාපු කමෙන්ට්වලින්.දැන් සජිත්ගෙ මඩේ හිටවපු ඉණිත් නාමල්ගෙ දරුවා ගැන ඒ විදිහටම කියන්න බැරිත් නැහැ.

දැන් ඉතිං මොකද කරන්නෙ.අපි අඩුම ගණනෙ කිසිම දෙයක් ගැන එකම අදහසක් නැති පාවෙන මිනිස්සු කියලා පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න සූත්‍රයක් හදාගන්න ඕනි නේද?මේ කතා කරන්නෙ ස්වාධීනව තමන්ගෙ මතයක් නෙමෙයි වගෙ කියලා දැනෙන්නෙ නැද්ද?සජිත්ගෙ ළමයටයි,සෝරතටයි,අර ලුම්බිණිය දන්නෙ නැති චූටි දරුවටයි,සනත් නිශාන්තගෙ දරුවටයි වෙන වෙනම ලෝක හදන එකද වැඩේ.එහෙම නැත්නම් ඒ ලඹයි හතර දෙනාවම ළමයි විදිහට හිතන්න පුළුවන් වැඩිහිටියෙක් හදා ගන්න එකද හරි වැඩේ?
දෙයක් ගැන හිතන්න ඉන්නක් වෙච්චි මිනිස්සු ඒ ඉන්න හිටවපු පොළව වටේ කැරකෙන සුළංවලට වැනෙනවා,කැරකෙනවා.ඒ ඇරෙන්න ඇත්තටම අම්මෙක් තාත්තෙක් වෙන්න අදහසක් තවම ඇති වෙලා නැහැ.නැත්නම් තවම වැඩිහිටියො වෙලා නැහැ.ලෝකෙ තියෙන දරුවන් සම්බන්ධ නීතිය,සම්මුතිය අනුව පිහිටා ලෝක පරිමාණයෙන් දරුවෙක් හදන්න රටට උදව් කරන වැඩිහිටියෙක් වෙන්න බබාකමෙන් නැඟිටපු නැති ඉහ නිකට පැහුණු මිනිස්සු තවමත් සක්‍රීයව ඉන්නවා.ඊට වඩා පළල් ආදරයකින් අඩුව තේරුම් අරගෙන වැඩ නොකර ඒ පාරෙම එක එක දරුවට එක විදිහට සළකන වැඩිහිටි බබාල එක්ක මේ රට වෙනස් වෙයිද?

දැන් මේ දවස්වල මාර රශ්ණෙයි.ඒක විද්‍යාත්මකව හොයාගෙන දරුවන්ට මේ දවස්වල අව්වෙ ඉන්න එපා කියන හුඟක් වෙලාවට කියලා දෙන්නෙ පාසල්වලින්.පාසල්වලත් විදුහල්පතිවරු ගුරුවරු මේ දේ කියද්දි බොහෝ වෙලාවට ඉන්නෙ මිස් කෙනෙක්නම් යාර හයක රෙද්දක් පටලගෙන එහෙම නැත්නම් ටෙිත් දාලා ඊඩෙික් කෝට් දාලා.මේ වගෙ රටක මේ තරම් ඌෂ්ණ කාලයක විද්‍යාත්මකව තහවුරු කරපු දත්ත මත දරුවන්ට උපදෙස් දෙන ඒ ගුරු මහත්තුරු මොකද සාරිය වෙනුවට වෙන ඇඳුමක් ඇඳගෙන පාසලට එන ගුරුවරයෙක්ට කරන්නෙ.පුළුවන්නම් උසාවිත අරං ගිහිං සාරි අන්දන්න හදනවා.ඒ කියන්නෙ ඇඳුම් අන්දට තවම පොඩි ඔළු.වර්ධනය වෙලා නැහැ.බබාල ගාණට ඉන්නෙ.
මොකක් හරි දෙයක් ගැන එහෙම එක අදහසක නැහැ.එහෙම ඕනිත් නැහැ.ඒත් පොඩ්ඩක් අවුල්වගේ තියෙන්නෙ අනුන්ගෙ නහය තමන්ගෙ හැරමිට්ට වඳින එක ඉවසගෙන ඉන්න ඕනි කියලා හිතෙන එකට.පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්නම් හොඳ නැද්ද?මටනම් අවුලක් නැහැ ඔයාලගෙ හැරමිට්ට වනන හැටි මමනම් කාගෙවත් නහයෙ වද්දන්නේ නැතුව තියා ගන්න බලනවා ඉතිං.

ද ක්ලීනර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan