හැව්ලොක් තනිව තරග කළ තරගයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 01, කොළඹ (LNW): නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් පැවත්වෙන ක්ලිෆර්ඩ් කුසලාන ප්‍රතිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය යටතේ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී හැව්ලොක් ක්‍රිඩා සමාජය හමු වූ නාවික හමුදා කණ්ඩායමට දැවන්ත පරාජයකට මුහුණ දෙන්න සිඳු වුණා.තරගයේ දෙවන භාගයේදී නාවිකයන්ට කිසිඳු ලකුණක් රැස් කිරීමට ඉඩ නොදී හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 26 ක් රැස් කළ අතර සමස්ත තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 55 – 5 ක් ලෙසයි.


පරාජිත නාවික හමුදාව වෙනුවෙන් වාර්තා වූ ලකුණු තරගයේ 22 වන විනාඩියේදී ස්ටෙෆාන් ග්‍රෙගරි විසින් වාර්තා කළා.හැව්ලොක් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමස්ත තරගයේ වාර්තා කළ උථ්සාහක දිණුම් ප්‍රමාණය 9 ක් වූ අතර ඉන් 4 ක් සුදේශ් ජයවික්‍රම ද එකක් ජනිත් චන්දිමාල් ද ප්‍රවර්ථනය කරන්නට සමත් වුණා.දිනූප සෙනවිරත්න,ඔලිවර් බක්ලේ,අස්මීර් ෆජුඩීන්,ජයතු රාජරත්න,උදාර ජයපාල,මොහොමඩ් රිෆාන්,ගනිදු ලක්ෂාන්,සෙනාල් දිලේක සිල්වා සහ රවීන් ප්‍රනාන්දු හැව්ලොක් වෙනුවෙන් උත්සාහක දිණුම්වල හිමිකරුවන් වුණා.


ආරම්භයේ සිටම ඒක පාර්ශවික බවක් ගත් හැව්ලොක් – නාවික තරගයේදී හැව්ලොක් ක්‍රීඩා සමාජය පෙන්නුමු කළ දක්ෂතාවන් ඉදිරියේ දී මෙම සූරතා කුසලානය දිනා ගැනීම සම්බන්ධයෙන් ඇති විය හැකි තරගකාරී බව සිහිපත් කළා.එසේම තරගාවලිය වඩා විවෘත එකක් වීමට ඇති ඉඩ සහතික කළා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන්න – පෙසප ආණ්ඩුවෙන් ඉල්ලයි (PHOTOS)

කොළඹ LNW:දිට්වා ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන ලෙස බලකරමින්...

ඇමරිකාව සහ යුරෝපා සබඳතා පළුදු වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී නේටෝ (NATO)...

Border 2 සාර්ථක ගමනක..

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Border 2 ගිය...

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ෆුට්සාල් ජය හ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ෆුට්සාල්...