*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව හා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම හරහා රට තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරනවා – තිලකා ජයසුන්දර

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): ඊයේ (29) දින කර්මාන්ත අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමග එක්ව සම්මන්ත්‍රණයක් බොරැල්ලේ පිහිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ දී පැවැත්විණි.

ඒ පසුගියදා ශ්‍රී ලංකාව හා තායිලන්තය විසින් අත්සන් කළ ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) හා එමගින් දෙරටට ලැබෙන වෙළඳ හා ආයෝජන අවස්ථා පිළිබඳවයි.

ආසියානු රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් ප්‍රධාන හා නැගී එන ආර්ථිකයන් සහිත රටවල් සමග වෙළද හා ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව 2018 දී ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළද ගිවිසුම (SLTFTA) සකස් කිරීම පිළිබඳ මූලික කටයුතු ආරම්භ කළ අතර දෙරට අතර දීර්ඝ සාකච්ඡා වට 9 කට පසුව 2024 පෙබරවාරි 3 වනදා මෙම නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරන ලදී.

ලෝකයේ 30 වන විශාලම ආර්ථිකය හා ආසියාවේ 9 වන විශාලම ආර්ථිකයට හිමිකම් කියන තායිලන්තයේ පසුගිය 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇමරිකානු ඩොලර් බිලියන 512කි. එසේම අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන් රටවල) දෙවන විශාලම ආර්ථිකය තායිලන්තයට හිමි වේ.

2023 වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 46.77 ක දියමන්ති, මැණික්, ස්වර්ණාභරණ, ඇගලුම්, ඉංජිනේරු උපකරණ, ආහාර, මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, ලෝහ නිෂ්පාදන, තේ, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළුව භාණ්ඩ වර්ග 39ක් තායිලන්තයට අපනයනය කර ඇති අතර තායිලන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 253.10 ක් වටිනා රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික් රසායන ද්‍රව්‍ය, පෙට්‍රෝලියම්, මාළු, මාළු ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු භාණ්ඩ වර්ග 15ක් ආනයනය කර ඇති බව සඳහන් වේ.

මෙම ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළද ගිවිසුම (SLTFTA) හරහා මෙරට අපනයන සඳහා තායිලන්ත වෙළඳපළ ප්‍රවේශය වැඩි කර ගැනීමට මෙන්ම එම වෙළඳපළ හරහා අනෙකුත් ආසියාන් රටවල වෙළඳපල වලට පිවිසීමේ ප්‍රවිශ්ටයන් වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව උදාවන අතර දෙරට අතර ද්වීපාර්ශික වෙළඳාමේදී සිදුවන බාධාවන් අවම කර ගැනීමටද හැකියාව ලැබෙන අතර, දෙරටේම භාණ්ඩ හා සේවා වෙළඳපල පුළුල් කිරීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීම, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීම යන කරුණුද මෙම නිදහස් වෙළද ගිවිසුම හරහා ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙයි.

දියුණු ආර්ථිකයන් ඇති රටවල් බොහොමයක් වෙනත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹ ඇති අතර එම නිදහස් වෙළඳ ගිවිසුම් එම රටවල ආර්ථිකයට වාසිදායක අයුරින් යොදාගෙන ඇති බව මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවද මෙවැනි නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගත යුතු බවත් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වාසිදායක බවත් පැවසූ ඇය තායිලන්තයේ ඇති විශාල ආර්ථිකය වාසිදායක අයුරින් භාවිතා කිරීමට මෙම නිදහස් වෙළඳ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බව පැවසුවාය .

ඇය වැඩිදුරටත් පැවසුවේ, එසේම ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ආයෝජන සම්බන්ධතා ශක්තිමත් කිරීමටද මෙම වෙළඳ ගිවිසුම මගින් හැකියාව ලැබෙන බවත් මෙම රටවල් දෙකටම මෙම නිදහස් වෙළඳ ගිවිසුම හරහා තිරසාර සංවර්ධනයක් කරා ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

ඊයේ දින පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ අභිලාෂයන් හා එම ගිවිසුම දෙරටටම වාසිදායක අයුරින් යොදා ගන්නා ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර මේ සඳහා ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත K.J. වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් K.A. විමලෙන්තිරාජා (K.A. Vimalenthirajah) හා වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ අධ්‍යක්ෂ සංජීව පට්ටිවිල යන මහතුන් සම්පත් දායකකත්වය ලබා දුන් බව පැවසේ.

මෙම සම්මන්ත්‍රණය සදහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් M.M. නයීමුඩීන්, වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් A.M.P.M.B. අතපත්තු , අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිංස්ලි බර්නාඩ්, තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශයේ නිලධාරීන් හා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan