පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරලා, ගුරුවරුන් පිරිසක් CID යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): අද (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ , බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඊයේ (29) රාත්‍රියේ හෝමාගම, මොරටුව සහ ගම්පහ ප්‍රදේශවලින්, සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එමෙන්ම අද සිසුන්ට ලැබී ඇත්තේ ද ඊයේ රාත්‍රියේ මෙලෙස සමාජ මාධ්‍යයේ හුවමාරු වූ ප්‍රශ්න පත්‍රම බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අද පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විද්‍යාව විෂය සඳහා වන විභාගය යි.

තොරතුරු වාර්තා වන ආකාරයට, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 ශ්‍රේණියේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සහ 11 ශ්‍රේණියට අදාළ විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය ඊයේ රාත්‍රී 7ත් 8ත් අතර කාලයේදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...