ආසියාවේ ලොකුම මගුල

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝකයේම අවධානය දිනාගත් විශේෂ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

ඒ ආසියාවේ ධනවතා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාවන 28 හැවිරිදි ආන්ද් අම්බානිගේ විවහ උත්සවයයි.

ඔහු රාජිකා මර්චන්ට් සමඟ විවාහ වීමට නියමිත වන අතර ඇය ඉන්දියාවේ ප්‍රකට ඖශධ සමාගමක හිමිකරු වන විරේජ් මර්චන්ට්ගේ දියණියයි. ඔවුන්ගේ විවාහ උත්සවය නිල වශයෙන් ලබන ජුනි මාසයේ ඇරඹෙනු ඇත.

මෙම විවාහ මංගල්‍ය වෙනුවෙන් චාරිත්‍රානුකුලව පුර්ව මංගල උත්සවයක් ලබන මාර්තු මස මුල් සතියේ ගුජරාට් හි පැවැත්වීමට සැළසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ලොව පුරා ප්‍රකෝටීපතියන් ඇතුළු අමුත්තන් 1200දෙනෙකු වෙනුවෙන් ඇරයුම් කර තිබේ.

ඒ අතර බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග් , ඇතුළු ලොව අංක එකේ ධනවතුන් වන අතර ජම්නගර් නගරයේ පැවැත්වෙන තෙදින උත්සවයේ අමුත්තන්ගේ ලැයිස්තුවට ඉන්දීය ප්‍රකෝටිපතියන් වන ගෞතම් අදානි සහ කුමාර් මංගලම් බිර්ලා මෙන්ම ෂාරුක් ඛාන් සහ අමිතාබ් බච්චන් ඇතුළු බොලිවුඩ් තරු ද එක්ව සිටිති.

එමෙන්ම අනෙකුත් අමුත්තන් අතර BlackRock සම-නිර්මාතෘ Larry Fink, Alphabet හි ප්‍රධාන විධායක සුන්දර් පිචායි, හිටපු කැනේඩියානු අගමැති Stephen Harper, හිටපු ඕස්ට්‍රේලියානු අගමැති Kevin Rudd සහ Ivanka Trump ඇතුලත් වන බවයි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,

ෆෝබ්ස් සඟරාවට අනුව 66 හැවිරිදි මුකේෂ් අම්බානි මේ වන විට ඩොලර් බිලියන 115 ක ශුද්ධ වටිනාකමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයා අතර 10 වැනි ස්ථානයේ සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...