දූෂිත නිළධාරීන්ට ඇමති රැකවරණ

Date:

විශේෂ වාර්තාකරුවකු විසිනි.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (පාලන) නිමේෂ තිවංකර සෙනෙවිපාල මහතා විසින් සිදුකර ඇති විෂමාචාර ක්‍රියා සම්බන්ධව බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යංශ ලේකම්තුමා විසින් පරීක්ෂණයක් පවත්වා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත වාර්තාවක් යොමු කරන ලදුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩ බලන ලේකම් විසින් 2024/02/13 දින අංක PudAd/SLAS/6174/Dp-222 යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිපිය අනුව එම කොමිෂන් සභා විසින් ලේකම් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වෙත අංක psc/DIS/017/2024 දරන 2024/02/21 දිනැති ලිපිය මගින් නිමේෂ් තිවංක සෙනෙවිපාල මහතා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් වහාම මාරු කිරීමට රාජ පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.


ඒ අනුව පෙබරවාරි 28 වැනි දින නිමේෂ් තිවංකගේ මාරුවීමට අදාළ ලිපිය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ෆැක්ස් මගින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත.
නමුදු බුද්ධ ශාසන අමාත්‍යවරයා වන විදුර වික්‍රමනායක විසින් කරන ලද කරන ලද බලපෑමක් අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණය ක්‍රියාත්මක කිරීම රාජ පරිපාලන අමාත්‍යාංශ ලේකම් විසින් අද දින තාවකාලිකව අත්හිටුවා ඇති බව දැන ගැනීමට ලැබී ඇත.

නිමේෂ් තිවංක බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ සමීප නිලධාරියකු වන අතර ඔහුව බේරා ගැනීම සඳහා විදුර වික්‍රමනායක විසින් දේශපාලන බලය භාවිතා කරන බව පෙනී යන කරුණකි.

ස්වාධීන ආයතනයක් වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබා දෙන ලද නියෝගයක් දේශපාලන ඉල්ලීම මත ක්‍රියා නොකර සිටීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා තීරණය කරන්නේ නම්
එය රාජ්‍ය සේවයේ යහපැවැත්මට විශාල ගැටළුවක් බව පෙනී යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...