*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

පළමු දවස අසුබයි.ආසියාව දිනන්න යන්න සුදුසුකම් ලැබුවේ දෙදෙනෙක් පමණයි

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 02, කොළඹ (LNW): දීර්ඝ කාලයකට පසුව ජාතික මට්ටමෙන් මලල ක්‍රීඩා තරගාවලියක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයෙන් ආරම්භ වී අද නිමාවට පත් වෙනවා.දීර්ඝ නිද්‍රාවකට පසු අවදිවීමක් බදු මේ ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙස්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේ ප්‍රතිපලවලින් පැහැදිළිවන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව සුවපත් මට්ටමක නොමැති බවයි.කණිස්ඨ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියද ඉලක්ක කරගෙන පැවති මේ තරගවලදී එම සුදුසුකම් ලබා ගැනීමේ කාලය ඉක්මවන්නට සමත් වුණේ මොණරාගල දිස්ත්‍රික්කයේ නන්නපුරාව මහා විද්‍යාලයේ නෙත්මිකා මධුශානි හේරත් සහ ගම්පොළ ජිනරාජ විද්‍යාලය නියෝජනය කරන තරුෂි අභිෂේකා යි.නෙත්මිකා දුර පැනීමේ ඉසව්වෙන් ලබා දී තිබුණු පරිසාධන මට්ටම වූ මීටර් 5.90 ඉක්මවා යමින් මීටර් 6.00 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වූ අතර තරුෂි මීටර් 800 ඉසව්ව සඳහා ලබා දී තිබුණු විනාඩි 2:10.00 ක කාලය අභිබවා යමින් විනාඩි 2:09.16 ක කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.
ඔලිම්පික් නියෝජනය සඳහා සුදුසුකම් ලැබීමට ආසන්න මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු ගෘහස්ත තරගාවලියකට ඉදිරිපත් නොකිරිම සම්බන්ධයෙන් විවේචනයට බඳුන් වන මලල ක්‍රීඩා සංගමයට අමාත්‍යංශය පැත්තෙන් පැමිණි පිළිතුරට අනුව ඔවුන් එවැනි ඉල්ලීමක් කර නැහැ.එසේම එසේ උවමනාවක් තිබුණේ නම් ඊයේ සහ අද පැවත්වෙන (අප්‍රේල් 1සහ 2) තරගාවලිය ආසියානු ගෘහස්ථ තරගාවලියට පෙර පවත්වන්නට තිබුණ බවත් අමාත්‍යංශය පවසනවා.



එහෙත් මේ වන විට වෙනස්ව ඇති අමාත්‍යංශයට පෙර පැවති අමාත්‍යංශය එතරම් සුබදායි ලෙස පිළිතුරු දුන්නේ නැහැ.බොහෝ අවස්ථාවල මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛව එහි නිලධාරීන් පෞද්ගලිකව ශ්‍රී ලංකාව සහභාගි වූ තරගවලදී වියදම් දැරූ බව ද සත්‍යයක්.සමහර අවස්ථාවලදී භාහිරෙන් ලබන අනුග්‍රහද ක්‍රීඩා අමාත්‍යංශයට ගෙන්වා ගෙන එම මුදල් නැවත මලල ක්‍රීඩා සංගමයට නොදී මුදල් අමාත්‍යංශයට යවා ගෙනවිත් දෙන්න මට්ටමෙන් වැඩ කරනාකාරයත් එ’කල දැක ගන්නට ලැබුණා.එසේම සංචාර සඳහා නම් කරන නිලධාරීන් අවසන් මොහොතේදී ඉවත් කරමින් ඔවුන්ගේ කීර්තිය පළුඳු කරන්නට කටයුතු කළ අවස්ථාත් දකින්නට තිබුණු අතර ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නා ප්‍රධානියාව ලෙස පෙනී සිටි අර්ජුන රණතුංග පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන තීරණ ගැනීමේ වගකීම තම කණ්ඩායම වෙනුවෙන් පවරා ඇත්තේ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩිකා ශ්‍රියාණි කුලවංශට සහ තවත් අයෙකුට බවයි.(ඇය තවමත් එම වගකීම්වල රැදී සිටින බැවින් එම සිඳුවීම් වූ ආකාරය ගැන අදහසක් ප්‍රකාශ කළ හැකි අතර එක් වරක් කණිෂ්ඨ ක්‍රීඩිකාවන් භාරව යාමට අධ්‍යාපන අමාත්‍යංශය හරහා පත් කළ නිලධාරිණියකද ඉවත් කෙරුණා.ශ්‍රියාණි ද අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරිණියක්)


කෙසේ හෝ මේ තරග සම්බන්ධයෙන් කණිෂ්ඨ ක්‍රීඩකයින්ට යම් ඉලක්ක ලබා දී තිබෙනවා.ඒ අප්‍රේල් 23 සිට 26 තෙක් ඩුබායි හී පැවත්වෙන මලල ක්‍රීඩා සූරතාවලියටයි.මේ තත්ත්වය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සමාජ මාධ්‍ය හරහා වාර්තා කළ පළමු මොහොතේම ඒ සකසා ඇති සුදුසුකම් ලැබීමේ තත්ත්වයන් ඉහළ වැඩි බව හිටපු රිටි පැනීමේ සූරියක් වන ලක්රාණි පෙරේරා ප්‍රකාශ කර තිබුණත් එහි සංවාදයක් ගොඩ නැඟුණේ නැහැ.එම ප්‍රකාශයද අද එහි දකින්නට නැහැ.ඒ බොහෝ වේලාවට ලංකාවේ මලල ක්‍රීඩාව ගැන අප්‍රසිද්ධියේ කතා කරන අය වැඩි දෙනෙක් ප්‍රසිද්ධියේ හැසිරෙන්නේ දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින්නන්ගේ ස්වභාවයෙන් නිසයි.


මේ දිනවල පැවත්වෙන අධික රශ්ණය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවම ලෙස බලපාන පරිදි තරග සංවිධානය කරන්නට කටයුතු කරන්නට කටයුතු කිරීම අගය කළ යුතුයි.කෙසේ නමුත් මේ තේරීම් තරගවලදී කණිෂ්ඨ පදක්කම් අපේක්ෂාවෙන්ම තේරිම් සාධක සකසා තිබෙන බවත් දකින්නට ලැබෙනවා.එය රටක් ජාත්‍යන්තර තරගයකදී වැය කරන මුදලට අවශ්‍යය ප්‍රතිපලය ගැන සිතා කරන ආයෝජනයක් බැවින් වරදක් කියන්නට බැහැ.නමුත් රට හෝ රටේ මලල ක්‍රීඩාව භාරව සිටින පිරිස් ඔවුන් පදක්කම් අපේක්සා කරන මට්ටමට ක්‍රීඩකයින් ඉදිරියට ගෙන ඒමට දක්වන සැළකිල්ල කවරේද යන්න සළකන්නේ නැතුව ප්‍රතිපල පමණක් ඉහළින් අපේක්ෂා කිරීම වැදගත් නැහැ.එවැනි තත්ත්වයක ජ්‍යෙෂ්ඨ අංශයෙන් හෝ පදක්කම් ලැබීමට හැකිවන පරිදි ඔවුන් කායිකව සහ මානසිකව වර්ධනය වීමටත්,ක්‍රීඩාවේ රැදී සිටීම සඳහා වන අභිප්‍රාය රඳවා ගැනීමටත් වැඩි සහභාගීත්වයක් (තිබෙන තත්ත්වයට වඩා අඩු වුව ද,යම් පලදායි මට්ටමක් සහිතව) රැකෙන පරිදි එම සීමාවන් සැකසීම වැදගත් වෙනවා.


ඉහළ තරගකාරීත්වය ක්‍රීඩාවේ ප්‍රගතියට වැදගත් අතර ඊයේ ආසියානු කණිෂ්ඨ කරගාවලියට සුදුසුකම් ලැබූ තරුෂි අභිෂේකා ඊට හොඳම උදාහරණයක්.ඇය සිය වේගය වැඩි කර ගැනීම සඳහා මීටර් 800 ඉසව්වේ ජාත්‍යන්තර පදක්කම්ලාභින් වන නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න තරග වඳින ජ්‍යෙෂ්ඨ ඉසව්ව තෝරාගෙන තිබුණා.ඔවුන් දෙදෙනාම එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවද තැබූ ක්‍රීඩිකාවන් බැවින් කලකට පසුව නිමාල ජාතික මට්ටමෙන් පළමු තැනට පැමිණි මේ තරගයේ තරුෂිට සිව්වන තැන හිමි වුණේ සුදුසුකම් ලැබීමේ කාලයට පිවිසෙන්නට රුකුලක් වෙමින්.ඇය වයස් සීමාවේ තරගයට තරග කළේනම් රහි පළමු තැන හිමි වූ ක්‍රීඩිකාව ඉසව්ව හමාර කිරීමට විනාඩි 2:20.52 ක් ගත කර තිබුණා.
ඒ වගේම අයොමාල් අකලංක ජාතික මට්ටමෙන් සිය වයස් සීමාව අත හැර මීටර් 400 කඩුලු ඉසව්වට තරග කළ අතර ඔහු වත්මන් ජාතික සූරයා මෙන්ම සිය පුහුණු සගයා වන ධනුක දර්ශනට දෙවැනි වෙමින් තරගයේ දෙවැන්නා වුණා.ඔහු සුදුසුකම් ලැබීමේ කාලය මේ තරගයේදී වාර්තා නොකළ ද ඊට පෙර වාර්තා කර තිබීම මෙන්ම මේ වන විටත් ආසියානු සුදුසුකම් ලැබීමේ කාලය අභිබවා යන ආකාරයට ඔහු ලෝක මට්ටමේ සුදුසුකම් ලැබීමේ කාලය අභිබවා ගොස් තිබෙන බැවින් ද අයෝමාල් ට ආසියානු කණිෂ්ඨ තරගාවලිය වැළකෙන එකක් නැහැ.


මේ වසරේ අගෝස්තු මාසයේ 27 – 31 දක්වා පේරූ රාජ්‍යයේ ලීමා හී පැවත්වෙන කණිෂ්ඨ මලල ක්‍රීඩා ලෝක සූරතාවලියේ මිටර් 400 කඩුලු ඉසව්වේ පරිසාධන මට්ටම තත්පර 53.20 ක් වන අතර අයෝමාල් එම කාලය අභිබවා සිය මූලික තරගයේදී තත්පර 52.88 ඉසව්ව නිමා කළ අතර අයෝමාල් ඊට අමතරව නොවැම්බර් මාසයේදී මේ උස සහිත කඩුලුවලින් ඔහු දිව ගිය හොඳම කාලය වන තත්පර 51.47 කාලයක් ද වාර්තා කරන්නට සමත් වි තිබෙනවා.වර්ථමාන මලල ක්‍රීඩා පිටියේ සිටින ලෝක මට්ටමෙන් පදක්කම්ක් දිනා ඇති ඉහළම අනාගත බලාපොරොත්තුව හැටියට දකින අයෝමාල් මේ මොහොතේ දී මේ තරගාවලියට ඉදිරිපත් කළ කාලයෙන් මැන රටක් හැටියට අසමත් තීරණයක් ගැනීමට තරම් බුද්ධියෙන් පහළ වැටුණු තීරණයක් ගැනීමට මලල ක්‍රීඩා තේරීම් කමිටුව මෙන්ම ජාතික තේරිම් කමිටුවද කටයුතු නොකරනු ඇතැයි අප විශ්වාස කරනවා.


වැදගත්ම දේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශව මේ තරගාවලිය සම්බන්ධයෙන් දක්වා තිබුණු උනන්දුව කණගාටුදායක බව කිය යුතුයි.එසේ උනන්දුව ගිලිහී නොයන්නට ලෝකයේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩාව ක්‍රියාත්මක වන අකාරය ගැන අවබෝධයෙන් පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සාකච්ඡා කර තරගාවලිය කණ්ෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ලෙස වෙන වෙනම පැවත්වීමට උත්සාහ කළේනම් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ඊ ශ්‍රේණියේ තරගාවලියක් ලෙස පවත්වන මේ තරගාවලියට ඊට අදාළ වටිනාකම ලැබෙන්නටත්,ඔලිම්පික් ආසන්නයේ සිටින බොහෝ දෙනෙක්ට එහි ප්‍රතිලාභ ලැබෙන්නටත් තිබුණා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan