නැති වූ මුදල්, ID, Passport ආදිය අනන්‍යතාවය තහවුරු කිරීමට සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කරන්න එපා – CCID

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): නැති වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර ආදිය අයිතිකරුවන් සොයා ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් පෙලඹීම හේතුවෙන් එම මුදල් පසුම්බිය අස්ථානගත වීමට වඩා හානියක් ඉන් විය හැකි බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අවධාරණය කරයි.

නැති වූ මුදල් පසුම්බි හිමිකරුවන්ටදීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් එම මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත් අංක, විදෙස් ගමන් බලපත්‍ර, කාර්යාලීය හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ආදියෙහි ඡායාරූප ගෙන ඒවා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයෙහි ප්‍රදර්ශනය කිරීමට හුරුවී තිබෙන අතර , පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි චන්දිමා අරුමප්පෙරුම පෙන්වා දෙන්නේ, පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරන එවැනි ලේඛන සමාජ මාධ්‍යයෙහි ප්‍රදර්ශනය කිරීමෙන් අපරාධකරුවන්ට විවිධ අපරාධයන් සඳහා එම තොරතුරු යොදාගැනීමේ හැකියාවක් ඇති බවයි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙන්නේ, එම තොරතුරු යොදාගෙන ව්‍යාජ ලේඛන සකස් කර දුරකතන සමාගම්වලින් සිම්පත් පවා මිලදී ගැනීමේ හැකියාවක් ඇති බවයි.

එනිසා, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියැදුරු බලපත්‍ර ආදිය සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...