ප්‍රවීණ මාධ්‍යවේදි අභාවප්‍රාප්ත ලූෂන් රාජකරුණානායක මහතාගේ අවසන් කටයුතු හෙට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): අභාවප්‍රාප්ත , ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ ලූෂන් රාජකරුණානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කෙරෙන බව සඳහන් වේ.

හැටේ දශකයේදී පුවත්පත් කලාවට පිවිසි ඒ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් සිය මාධ්‍ය කටයුතු සිදු කළ අතර, ප්‍රවීණ තීරුලිපි රචකයෙකු වූ ලූෂන් රාජකරුණානායක මහතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු ද වේ.

ජනාධිපති කාර්යාලයේ පර්යේෂණ සහ විශ්ලේෂණ අධ්‍යක්ෂවරයෙකු ලෙස කලක් කටයුතු කළ ඒ මහතා ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකම සංස්කාරකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

ලූෂන් රාජකරුණානායක මහතාගේ පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 3.00 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු  කිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...