නිශ්මං රණසිංහ ,මාර්තු 02 කොළඹ LNW:
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ශාන්ත ජෝර්ජ් හී පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්රී ලංකාවට කඩුලු 4 ක ජයක් හිමි වුණා.කාසියේ වාසිය දිනා කොදෙව් ක්රීඩිකාවන්ට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ චමරි අතපත්තු,එම තීරණයට සාධාරණය ඉටු කරන්නට උර දෙන්නට ආරම්භක පන්දු යවන්නියක ලෙස ක්රියා කරමින් ඇයගේ පළමු ඕවරයේම ක්වීනා ජෝෂප් දවා ගැනීමට සමත් වුණා.ඉනික්බිතිව එක් අන්තයකින් නොදැවී පිතිකරණයේ යෙදුණ හේලි මැතිව්ස් දවා ගැනීම සඳහා යළිත් ක්රියාත්මක වූ චමරි එම කඩුල්ලත් දවා ගනු ලැබුවා.
බොහෝ විට නායිකාවක වශයෙන් චමරි අභියෝගාත්මක මොහොතවල්වලදී වෙන අය මත වගකීම පැවරීම වෙනුවට හොඳ හෝ නරක ප්රතිපලය වෙනුවෙන් තමන්ම ඉදිරිපත්වන අන්දමේ ශක්තිමත් පෞරුෂයක් සහිත විම අගය කළ යුතුයි.
ජයග්රාහී එක්දින තරගාවලියේදී කණ්ඩායමේ සිටි නෘත්යංගනා වෙනුවට කඩුලු රැකීම සඳහා හසිනි පෙරේරාවම යොදවා ගැනීමට චමරි කල්පනා කර තිබුණා.ලකුණු 13 ට කඩුලු 2 ක් දවා ගත් චමරිත්,ලකුණු 16 ට කඩුලු 3 ක් දවා ගත් මල්කි මධාරා සහ ලකුණු 20 ට කඩුලු 3 ක් දවා ගත් නිලක්ෂිකා සිල්වා ගේ අභියෝගය ඉදිරියේ ලකුණු 28 ක් ලැබූ හේලි මැතිවිස් වැඩිම ලකුණු ලාභිණිය වුණා.කොදෙව් ඉණිම අවසන් පන්දුවේදී කරිස්මා රාම්හරක්ගේ දැවී යාමත් සමඟ ලකුණු 101 ට නිමාවට පත් වුණා.
පිිළිතුරු ඉණිමේදි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සබඳතාවයක් පවත්වන්නට හසිනි පෙරේරා (18) සහ චමරි අතපත්තු (39) සමත් වුණා.එහෙත් පන්දු ඕවර් 18 .1 දී ශ්රී ලංකා ඉණිම ලකුණු 102 ක් වෙද්දි කඩුලු 6 ක් අහිමි කරගෙන තිබුණා.විශ්මි ගුණරත්න 10 සහ කණ්ඩායම ජයග්රහණයට කැඳවා යමින් නොදැවී ලකුණු 18 ක් ලැබූ කවීශා දිල්හාරි හැරෙන්නට අන් කිසිවෙකු ඉලක්කම් දෙකේ සීමාවට පැමිණියේ නැහැ.
චමරි එක්දින තරගාවලියේ දි සාර්ථක නොවුණ ද මෙම ජයග්රාහී තරගයේදී පන්දුවෙන් සහ පිත්තෙන් සිය තුන් ඉරියව් හැකියාවේ විශ්වාසය තහවරු කරමින් කළ දස්කම් නිසා ඇය තරගයේ දක්ෂතම ක්රීඩිකාවද වුණා.
ලකුණු සටහනට පහතින් පිවිසෙන්න.
https://bit.ly/4cnD1uM



