*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ඩුබායි පැරා පිටියෙන් ලංකාවට රන් – රිදී – ලෝකඩ

ෆාසා සූරතාවලිය ලෙස හඳුන්වන ඩුබායි ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා සූරතාවලියේ 14 වැන්න නිමා වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉදිරියේ රන් පදක්කම් දෙකක්,රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සදහන් වුණා.එහිදී සමන් සුබසිංහ සිය පරිනත අත්දැකීම් භාවිතයට ගනිමින් කාලය මැනීමේ මීටර් 400 තරගයේ ටී 44 කාණ්ඩයේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා.ඔහු මීටර් 400 කාලය මැනීමේ තරගයේ පැවති මූලික තරග දෙකෙන් දෙවන මූලික තරගයට සහභාගි වී තත්පර 50.89 න් සිය ඉසව්ව නිමා කරමින් රන් පදක්කමට සුදුසුකම් ලබා ගත්තා.එම කාණ්ඩයේ මීටර් 100 තරගයට ඉදිරිපත් වී සිව්වන තැනට පත් සමන්ට මෙම රන් පදක්කම සඳහා ඉහළ කාලයක් වාර්තා කරන්න තමන් සහභාගි වූ තරගයේ දෙවන ස්ථානය ලත් නොමන්දෙව් තෝමස් තත්පර 50.99 කාලයකින් ඉසව්ව නිමා කිරීමත් බල පෑවා.සමන්ට හොඳ තරගයක් දුන් තෝමස් සමස්ත දක්ෂතා අනුව රිදී පදක්කමටද හිමිකම් කිවා.

දුර පැනීමේ තරගයට ටී 42 කාණ්ඩයෙන් ඉදිරිපත් වූ අනිල් ප්‍රසන්න එහි හයවන ස්ථානය ලැබුවත් මීටර් 100 තරගයේදී තත්පර 13.50 ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තා.ඉනගාකි කට්සුමායි ජපනායට එහි රිදී පදක්කම දිනා දුන්නා.තායිලන්තය නියෝජනය කළ කුම්පෝ කන්ටිනන් එම ඉසව්වේ තෙවන තැනට පත් වුණා.
ඉන්දික ගමගේ මෙම තරගාවලියේ දුර පැනීමේ තරගයේ දී පස්වන තැනට පත් වූයේ මීටර් 5.99 ක දක්ෂතාවයක් වාර්තා කරමින්.එහි පළමු තැන මීටර් 6.42 ක පිම්මක් පැන්න ජරම්ණියේ ලැසින් අලි ට හිමි වුණා.දෙවන ස්තානය හිමි වුණේ මටසෝමි කෝටෝ ට යි.නමුත් ඉන්දික ගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය වන මීටර් 6.41 ක පිමිමක් සඳහා ඔහුට යාමට හැකි වූවේනම් එහි රිදී පදක්කමට හිමිකම් කියන්නට තිබුණා.නමුත් ඔහු එම පදක්කම් අහිමි විම වෙනත් ඉසව්වකින් සපුරා ගනිමින් ටී 44 කාණ්ඩයේ මීටර් 100 තරගයේ දෙවන ස්ථානය දිනා ගත්තේ තත්පර 12.43 ක දක්ෂතාවයක් දක්වමින්.එහි ප්‍රථමයා වූයේ ඊජිප්තුව නියෝජනය කළ කරීම් රාමදාන් තත්පර 12.01 න් එම ඉසව්ව නිමා කරන්නට සමත් වුණා.

ප්‍රදීප් පුවක්පිටිකන්ද ශ්‍රී ලංකාව දිනූ ලෝකඩ පදක්කමේ උරුමකරු වූවා.ඔහු තරගයට පෙර දක්වා තිබූ හොඳම පෞද්ගලික කාලය වන විනාඩි 4:10.70 ක දක්ෂතාවය දිනා ගත් ලෝකඩ පදක්කම වෙනුවෙන් විනාඩි 4:02.89 දක්වා ඉදිරියට ගෙන ඒම කැපී පෙණුනා.ප්‍රථම ස්ථානය බල්ගේරියාවේ ස්ටොයානොව් හ්‍රිස්ටියාන්ට හිමි වුණා.ඔහු විනාඩි 3:58.13 ක දක්ෂතාවයක් දක්වා තිබුණා.සමීර් නෝවියා ඇල්ජීරියාවට රිදී පදක්කම ගෙන යාම සඳහා වාර්තා කළ කාලය විනාඩි 4:0156 ක් ලෙස සටහන්ව තිබුණා.



බ්‍රිගේඩියර් බන්දුල බණ්ඩාර කණ්ඩායමට මඟ පෙන්වීම ලබා දෙමින් සංචාරයේ කළමණාකරු ලෙස ක්‍රියා කළ අතර බොහෝ ගැටළු සහිත බිමකින් ඩුබායි දක්වා ඉඟිල්ලෙන්නට පැරා ශක්තිවන්තයන්ට ආදරය දෙමින් නොවෙනස්ව ප්‍රධාන අනුග්‍රාහතකත්වය දැරූ ඩයලොග් ආයතනයටත් මෙම රන්,රිදි සහ ලෝකඩවල ගෞරවය හිමිවිය යුතුයි.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan