Tuesday, December 5, 2023
spot_img

Latest Posts

හිටපු මැ. කො. යළිත් මැ. කො. ස. ට අයදුම් කරයි

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිසමට එක්වීම සඳහා අයදුම් පත්‍රයක් යොමුකර තිබේ.

ඒ, මැතිවරණ කොමිසම ඇතුළු සියලුම ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවා ඇති පසුබිමක් තුළ ය.

“සීමා නීර්ණ කොමිෂන් සභාවට මම අයදුම් පත්‍රයක් දැම්මා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකුගේ තනතුරකටත් ඉඩක් තියෙන නිසා මැතිවරණ කොමිෂන් සභාවටත් අයදුම් පත්‍රයක් දැම්මා” යනුවෙනුයි ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

මේ අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම් පත් කැඳවීම අවසන් කළ බවත් නුදුරේදීම එම පත්කිරීම් සිදුකිරීමට කටයුතු කරන බවත් ය.

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.