හදිසියේම විශේෂ කැබිනට් රැස්වීමක්. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය ගැන තීරණයක්

Date:

හදිසි අවස්ථාවලදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත ගැනීම උදෙසා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, ඊයේ (01) පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය.

රාජ්‍ය බැංකුවල කාර්ය මණ්ඩල අකුරට වැඩකිරීම, වැඩවර්ජනය කිරීම වැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවීම තුළ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආයනයට ඉදිරියේදී බාධා එල්ල වියහැකි බව අමාත්‍යවරුන් විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී පෙන්වා දී ඇති බව සඳහන්.

එහිදී නියමිත වේලාවට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වුවහොත් එයින් ජන ජීවිතවලට විනාශකාරී බලපෑම් එල්ල විය හැකි බවත් ඔවුන් සඳහන් කර ඇත.

ඒ අනුව හදිසි අවශ්‍යතාවලදී භාවිතා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය සහිතව රාජ්‍ය ආයතනවලට පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...