දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/02

Date:

  1. රුසියාවේ සහාය ද ඇතිව මිලෙන් ඉතා අධික, එහෙත් ඉහළ බල නිෂ්පාදනයක් සහ විශ්වාසනීය න්‍යෂ්ටික බල සැපයුමක් ලබා ගැනීම පිළිබඳව සොයා බැලීමට රජය “ඓතිහාසික තීන්දුවක්” ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි – මෙය රටේ පවතින බලශක්ති අර්බුදය ආමන්ත්‍රණය සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ද පවසයි.
  2. තම අනුදැනුමකින් තොරව විදුලිය ගාස්තු ඉහළ දැමීමට ගනු ලැබූ තීරණයට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ පෞද්ගලික මට්ටමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමා කටයුතු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි – අඩුම ආදායම් ලබන පුද්ගලයන් මිලියන 05 කට මෙම විදුලිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ද පෙන්වා දෙයි.
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව බදු ඉහළ දැමීම සහ වියදම් සීමාකිරීමට රජය ගනු ලැබූ ක්‍රියාමාර්ගවලට එරෙහිව වෘත්තිකයන් වැඩ වර්ජනයකට එළඹ තිබේ – මෙම තත්ත්වය මත ඇතැම් රොහල්, බැංකු සහ වරායන් වැසී යයි – මීට වෘත්තීය සමිති 40 පමණ සහභාගී වී තිබේ – රෝහල්වල හදිසි සේවා පමණක් ක්‍රියාත්මක වේ.
  4. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වේ – විකිණුම් මිල රු. 351.72; ගැනුම් මිල රු. 362.95 – මෙය 2022 මැයි 04 වන දිනෙන් පසු වාර්තා වූ අවම අගයයි – 2023 මාර්තු 01 වන දින මධ්‍ය ස්ථානය සඳහා “රු. 05 ක දෙපස (+/-) විචල්‍ය ආන්තිකය” ද සමඟ “ඇමරිකානු ඩොලර්/ශ්‍රී ලංකා රුපියල් අන්තර් බැංකු ගනුදෙනුවල මධ්‍ය ස්ථාන විනිමය අනුපාතය” ලෙස රු. 358.48 භාවිතා කරන මෙන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සියලු බැංකුවලට නියෝග කරයි – මෙම විධානය ඔස්සේ මහ බැංකුව විසින් තවදුරටත් “ස්ථාවර” විදේශ විනිමය ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට තහවුරු වෙයි.
  5. කැබිනට් මණ්ඩලය ගුවන් ඉන්ධන වෙළඳපොල විවෘත කරයි – මෙමඟින් එම වෙළඳපොලට අලුතින් ඇතුල්වන පාර්ශවයන්ට මිල ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙයි – මේ දක්වා, භාණ්ඩ සහ මඟී ගුවන් ගමන් සඳහා අවශ්‍ය Jet A-1 ඉන්ධන සපයා තිබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පමණි.
  6. කොළඹදී පොලීසිය විසින් නීති විරෝධී ලෙස ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිතා කිරීම හේතුවෙන් විරෝධතාකරුවෙකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ විරෝධතා දැක්වීමේ අයිතිය පිළිබඳ කලාපීය පර්යේෂක හරින්ද්‍රිනී කොරියා පවසයි.
  7. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් ප්‍රකාශනවල තොරතුරු නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තුවට නියෝග කරයි – තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ තීරණය ද මෙමඟින් තහවුරු කරයි.
  8. ක්‍රීඩා අමාත්‍යංශය විදෙස් සංචාර සඳහා වූ අරමුදල් නවතා දමයි – තමාට අවශ්‍ය ගමන් වියදම් සහ වෙනත් වියදම් සඳහා එක් පුද්ගලයකුට රු. 650,000 බැගින් අරමුදල් සොයා ගන්නා ලෙස, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු තරුණ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා වරම් ලැබූ මලල ක්‍රීඩකයන්ට දැනුම් දෙයි.
  9. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අයදුම් කිරීමට චීනයේ සහාය ලැබෙන බව චීන විදේශ අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක මාවෝ නිංග් පවසයි – බහු-පාර්ශ්වික ණය හිමියන් ද ඊට අදාළ සහයෝගය ලබා දිය යුතු බව අවධාරණය කරයි – මේ වන විට, තමා “ජ්‍යෙෂ්ඨ ණය හිමියන්” බව පවසා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට අදාළ තම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල නොසලකා හැර දමා තිබේ.
  10. ශ්‍රී ලංකා රජය තවදුරටත් ප්‍රමාද නොකර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බව එක්සත් ජනපදයේ විදේශ කටයුතු පිළිබඳ සෙනෙට් කමිටුව පවසයි – ශ්‍රී ලාංකික ජනතාවගේ හඬ මර්දනය කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...