ලීග් අනුසූරයන්ට පොලිසියෙන් තර්ජණයක්

Date:

නිපොන් ජාතික රගර් ලීග් තරගාවලියේ අනු සූරයන් වූ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට ප්‍රබල තර්ජණයක් එල්ල කළ පොලිසිය ක්ලපර්ඩ් කුසලානය සඳහා නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් පැවත්වෙන ප්‍රතිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන තරගයට පිවිසීම වැළක්විමට විශාල උත්සාහයක් ගත්තේය.නමුත් අවසානයේ සිය කීර්තිනාමය රැක ගනිමින් සීආර් කණ්ඩායම ලකුණු 23 – 20 ක් සේ පොලිසියට ඉදිරියෙන් සිට තරගය හමාර කරන්නට සමත් විය.
තරගයේ පළමු අර්ධයේදී ලකුණු 9 – 10 ක් සේ සීආර් අභිබවා පෙරමුණේ සිටන්නට සමත් වූ පොලීසිය දෙවන අර්ධයේද දැඩි පීඩනයක් සීආර් වෙත යොමු කරන්නට සමත් විය.අවසානයේ එම වටයේදී සීආර් කණ්ඩායම ලකුණු 14 ක් ලබා ගත්තේ පොලීසියේ ලකුණු පූවරුවට තවත් ලකුණු 10 ක් පමණක් එක් වෙන්නට ඉඩ හරිමින්ය.



තරගය පුරා සීආර් කණ්ඩායම වෙතින් උත්සාහක දිණුම් දෙකක් වාර්තා වූ අතර එහි හිමිකාරීත්වය ලසිඳු කරුණාතිලකට සහ අමිත් ගුරුසිංහට හිමි විය.එම උත්සාහක දිණුම් දෙකේම ප්‍රවර්ථනය සාර්ථකව අවසන් කළ මොහාන් චතුර තවත් නිදහස් පහර දෙකකින් ද ලකුණු රැස් කරන්නට සමත් විය.තේනුක නානායක්කාර ද නිදහස් පහරක් සාර්ථකව නිමා කරමින් සීආර් ලකුණු පූවරුව ඉහළ නංවන්නට දායකත්වය දුන්නේය.
දුලාංජන විජේසිංහ සහ ප්‍රින්ස් චාමර පොලිසීය වෙනුවෙන් උථ්සාහක දිණුම් වාර්තා කළහ.ඒ අතරින් ප්‍රින්ස් චාමර එම උත්සාහක දිණුම් දෙකේම ප්‍රවර්ථන සාර්ථක කර ගනිමින් සහ නිදහස් පහර දෙකක් සාර්ථක එල්ලයේ රඳවමින් ද පොලීසියට එකතු වූ ලකුණු 20 න් 15 ක ම හිමිකාරයා වන්නට ද සමත් වූවේය.



පොලීසියෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ සීආර් ක්‍රීඩකයන් තරමක ආවේගශීලි තත්ත්වයකට පැමිණ තරගයේ පාලනය සියතට ගැනීමට ගත් උත්සාහයන් නිසා කහකාඩ් පත් අවවාද තුනකටම ලක්වෙනු දක්නට ලැබිණ.එරන්ද හර්ෂණ,ලසිඳු කරුණාතිලක සහ වගීෂ වීරසිංහ එසේ කහකාඩ් අවවාදවලට බඳුන් වූහ.
තරගය කොළඹ තුරඟ තරග පිටියේදි පැවත්විණ.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...