වර්ජනය අස්සේ මහ බැංකුවේ බීලා පාටි දැම්මා ද?

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): 2023 මාර්තු 02 වන දින දිනමිණ පුවත්පතේ ආන්දෝලනාත්මක ශීර්ෂපාඨයක් ද සහිතව පළවූ පුවතකට ශ්‍රී ලංකා මහ බැංකු වෘත්තීය සංගම් එකමුතුව ප්‍රතිචාර දක්වා තිබේ.

වර්ජනය අස්සේ මහ බැංකුවේ බොන පාටියක්” මැයෙන් පළවූ එම ලිපියට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු වෘත්තීය සමිති සංගම් එකමුතුව එම චෝදනාව තරයේ බැහැර කරන අතර, එම පුවත මහ බැංකුවේ කීර්ති නාමයට කැළලක් සිදුකළ බව පවසා සිටියි.

එමෙන්ම, මෙම චෝදනාවට අදාළව පිළිගත හැකි සාක්ෂි තිබේ නම් අදාළ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම සාක්ෂි මහ බැංකුව වෙත ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටින එම වෘත්තීය සංගම් එකමුතුව, මීට අදාළව සාක්ෂි නොමැති නම් එහි පදනම් විරහිතභාවය මත පුවත නිවැරදි කර හෙට (03) දින දිනමිණ පුවත්පතේ පළ කරන මෙන් ද වැඩිදුරටත් ඉල්ලා සිටියි.

දරා ගත නොහැකි ලෙස බදු ඉහළ නැංවීම සහ විදුලිය ගාස්තු ඉහළ නැංවීම ඇතුළු රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිහිපයකට විරෝධය පාමින්, ඊයේ (01) දින රටේ බෝහෝ වෘත්තිකයන් පෙළ ගැසී වැඩ වර්ජනයක නිරත වූ අතර, මෙම විරෝධයට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තීය සමිති ද එකතු විය. 2006 වර්ෂයෙන් පසු මහ බැංකු සේවකයන් මෙවන් වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි පළමු වතාව මෙය වීම ද විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...