රුසියානු වොලිබෝලයේ සහ රග්බි බෝලයේ හුළං යයි

0
241
epa07711291 Russia's Igor Kobzar (L) and Russia's Ilyas Kurkaev (R) in action during the FIVB Volleyball Men's Nations League match between France and Russia at Credit Union 1 Arena in Chicago, Illinois, USA, 11 July 2019. Russia defeated France. EPA-EFE/TANNEN MAURY

ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රජාව යුක්රේනයට එරෙහිව රුසියාව ගෙන යන යුද්ධයට එරෙහිව දක්වන ප්‍රතිචාරයන් ඉතා තදින් ලෝකයට දැනෙමින් තිබෙයි.එහි තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය (FIVB)සහ ජාත්‍යන්තර රගර් සංගමය ද රුසියානු වොලිබෝල් සහ රගර් ක්‍රීඩාවන්ට ජාත්‍යන්තර වශයෙන් ක1ීඩා කිරීමට ඇති වළක්වන්නට පියවර ගෙන ඇත.

වොලිබෝල් සම්මේලනය රුසියාවේ පැවත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක කාණ්ඩ දෙකක් රුසියාවේ පැවත්වීම වළක්වා වෙනත් රටක පැවත්වීමට තීරණය කර ඇත.විවිධ රටවල් නියෝජනය කරන වොලිබෝල් සූරයන් සහභාගිවන ජාතින් අතර පවත්වන ජාත්‍යන්තර වොලිබෝල් ලීගයේ (VNL) ජූනි සහ ජූලි මාසවල රුසියාවේ පැවත්වීමට නියමිතව සිටි තරග මේ අනුව අවලංගු කිරිමට පියවර ගෙන ඇත.එසේම FIVBරුසියාවට දන්වා ඇත්තේ ඉදිරි ක්‍රියාමාර්ග අනුව තව දුරටත් රුසියානු වොලිබෝලය සම්බන්ධයෙන් තමන්ගේ තීරණ දැඩි කිරීමට හැකි බවය.
රගර් සම්මේලනය දැඩි ස්ථාවරයක පිහිටුවා ක්‍රියා කරන අතර ඔවුන් රුියාව සහ යුද්ධයේදි රුසියාවට පහසුකම් සපයන බෙලරුීසයාවද ජාත්‍යන්තර රගර් සාමාජිකත්වයෙන් නෙරපන්නට කටයුතු කර ඇත.

“නැවත දැනුම් දෙන තුරු රුසියාව සහ බෙලරුසියාව සියලු ජාත්‍යන්තර රග්බි සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා සමාජ රග්බි ක්‍රියාකාරකම් වලින් සම්පූර්ණ සහ වහාම අත්හිටුවීමටත්,නැවත දැනුම් දෙන තුරු වහාම රුසියාවේ රග්බි සංගමය ලෝක රග්බි සාමාජිකත්වයෙන් සම්පූර්ණයෙන් අත්හිටුවීමටත් පියවර ගනිමු” යනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර රගර් සංගමය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට අනුකූලව රග්බි පවුල ආරක්ෂා කර ගැනීමටත් ගැටුමට එරෙහිව දැඩි ස්ථාවරයක් ගැනීමටත් තීරණය කර ඇත.

RM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here