ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු යළි ඇරඹීමට සූදානමක්

Date:

සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල 2012 වර්ෂයේ සිට මේ දක්වා වසා දමා ති​බේ.

එම කම්හල පිහිටි අක්කර 111 රූඩ් 02 පර්චස් 33 ක ඉඩම, දීර්ඝකාලීන බදු පදනම මත සීමාසහිත ජාතික කඩදාසි සමාගම වෙත ලබා දීම සඳහා මේ වන විට කටයුතු කෙරෙමින් පවතී.

කම්හල පිහිටි ඉඩම සහ කම්හලේ ගොඩනැගිලි වසර 30ක කාලසීමාවක් සඳහා දේශීය ආයෝජන සමාගමක් වන කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම වෙත ලබා දීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබ දී ඇති නමුත් අදාළ ඉඩම විධිමත් පරිදි සීමාසහිත ජාතික කඩදාසි සමාගම වෙත ලබා දීමට කටයුතු කර නොතිබූ බැවින්, එකී අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි කටයුතු කිරීමට හැකි වී නොමැත.

සීමාසහිත ජාතික කඩදාසි සමාගම සහ කොරියන් ස්පා සමාගම සමඟ එකඟතාවකට පැමිණ ඇති කොන්දේසි සහිත ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව, ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ නැවත ආරම්භ කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...