ඩීසල් රැගත් නෞකා 2ක් අද සහ හෙට ලංකාවට

Date:

ඩීසල් රැගත් තවත් නෞකා 2 ක් අද සහ හෙට මෙරටට පැමිණිමට නියමිතව තිබේ. බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවේ, ඒ අතරින් එක් නෞකාවක ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 33,000 ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7,000ක් ඇති බවයි.

අනෙක් නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 28,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙන ඒමට නියමිත බව ‍‍ලේකම්වරිය සඳහන් කළා ය.අදාළ නෞකා සඳහා ණයවර ලිපි විවෘත කිරිමට කටයුතු කරමින් සිටින බව ඇය පැවසී ය.

බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, මෙරට සතුව මේ වන විට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිතයක් පවතින බවයි. තවත් දැවි තෙල් තොග රැගත් නැව් දෙකක් ලබන 6 සහ 7 යන දිනයන්හි පැමිණිමට නියමිතව ඇතැයි, බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ.ඩි.ආර්. ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවට බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 700 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

අද (03) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 03) දිනයේදී උතුරු, උතුරු-මැද...

සුළිකුණාටු ව්‍යසනය හමුවේ ආණ්ඩුවේ අනාගතය ….

ඉතිහාසයේ දුර්වලම ආපදා කළමණාකරනය තියෙන්නෙ මේ ආන්ඩුව යටතේ. හේතුව...

සංචාරක පැමිණීම ලක්ෂ 21 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2025 නොවැම්බර් නොවැම්බර් මාසයේදී මෙරටට පැමිණ...