බොරතෙල් මිල වේගයෙන් ඉහළ යද්දී ඉම්රාන් ඛාන් ඉන්ධන මිල පහත දමයි

Date:

ඉන්ධන සහ විදුලිය භාවිතා කරන්නන් සඳහා සහනාධාර ලබාදීමට පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පියවර ගෙන තිබෙනවා. පකිස්තානු අගමැතිවරයා මෙවැනි සහනයක් සිය ජනතාවට ලබා දෙන්නේ දිනෙන් දිනම ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අධි වේගයෙන් ඉහළ යමින් තිබියදී වීම විශේෂත්වයකි.

ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමට තීරණය කර තිබෙන්නේ, පකිස්තානයේ ෆෙඩරල් ආදායම් මණ්ඩලයේ ආදායම 30% කින් වර්ධනය වීම හේතුවෙනි.

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දමා ඇති අතර විදුලි ගාස්තු ඒකකයකින් රුපියල් 05 බැගින් පහත දමා තිබෙනවා. අගමැතිවරයා පොරොන්දු වී තිබෙන්නේ මීලඟ අයවැය තෙක් කිසිදු හේතුවක් මත ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ නොදමන බවයි.

එම මණ්ඩලයේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වූ පකිස්තානු රුපියල් බිලියන 441 ඉක්මවා යාමට පසුගිය මාසයේදී හැකි වී තිබෙනවා. මේ නිසා අතිරික්ත ආදායමේ කොටසක් සහනාධාර ලෙස රටේ ජනතාවට ලබාදීමට පකිස්තානු අගමැතිවරයා පියවර ගෙන තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...