කාදිනල් හිමි සහ මිෂෙල් බැචලේ අතර හමුවක්!

Date:

අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය මුණ ගැසී තිබේ.

අද (02) මෙරට වේලාවෙන් පස්වරු 02.30ට පමණ ජිනීවා නුවරදී එම හමුව සිදුව තිබෙන අතර පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර ගැනීම සහ වින්දිතයින්යට යුක්තිය ඉටුකර ගැනීම පිළිබඳව එහිදී සාකච්ජා කර ඇත.

විනාඩි 45ක් පමණ එම හමුව සිදුව ඇත.

පසුගියදා වතිකානුවේදී ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්වහන්සේ ද බැහැ දැක පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වල වත්මන් තත්ත්වය ගැන සාකච්ජා කර තිබුණි.

පාස්කු ප්‍රහාරයට වසර තුනකට වැඩි කාලයක් ගතව ඇතත් දේශීය යාන්ත්‍රණය තුළ යුක්තිය ඉටුවීම ගැන විශ්වාසයක් නොමැති බව අතිඋතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර තිබුණු අතර වින්දිතයින්යින්ට සාධාරණය ඉටුකරවා ගැනීම වෙනුවෙන් මෙම කාරණය ජාත්‍යන්තරය වෙත ගෙන යන බවටද උන්වහන්සේ අවධාරණය කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...