ජනප්‍රිය නොවුණත් රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් – පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන ඉඟියක් !

Date:

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට හැකියාව ඇති, ඒ වෙනුවෙන් කැපකිරීම් කිරීමට සූදානම් අපේක්ෂකයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“සමගි ජන බලවේගයයි, ජනතා විමුක්ති පෙරමුණයි ඔය කියන නම් දෙක අද ඊයෙ යෑ කිව්වෙ. සජිත් මහත්තයායි අනුර මහත්තයායි පැරදුණේ 2019 නෙ. ජනාධිපතිවරණයට ඉල්ලලා දෙන්නාම පරාද වුණා. පරාද වෙච්ච සැරේ ඊළඟ දවසෙ කිව්වා ආයෙ ඊළඟ පාරත් ඉල්ලනවා කියලා. දැන් ආයෙ අලුතින් ඔය තැටියට රොටිය දාන්න ඕනෙ නෑ, ඒක එදාත් කිව්වා. මොකද මේ දෙන්නම ඕක කියන හේතුව ? දැන් බයක් තියෙනවා වෙන කවුරු හරි මේකට එයි කියලා. දැන් බලන්න ෆොන්සේකා මහත්තයා කිව්වා නෑ මම කියලා. ඉතින් ෆොන්සේකා මහත්තයාත් එක්ක ඇරගත්තා. දැන් ෆොන්සේකා මහත්තයාත් හතර වටේටම නෙළ නෙළ යනවා, තව ටික දවසක් යද්දී ඕකෙන් තව අපේක්ෂකයො බිහිවෙයි. ඒ නිසා අපි කලබල වෙලා ජනාධිපති අපේක්ෂකයො වැඩිකරගන්න වුවමනාවක් නෑ. දුසිමක් දාන්න බෑනෙ, එකයි දාන්න ඕනෙ. ඒ දානකොට අපි දාන්නෙ දිනන්න.

ඒ වගේම තමයි රට ගැන හිතන්න පුළුවන් සහ මේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න පුළුවන් වෙන්න එපැයි. දැන් ඔය සමහර අය හිතනවා ඇති දවස් දෙකකට හරි කමක් නෑ ජනාධිපති කිට් එක ඇඳගත්තොත් මරු කියලා. ඇඳගත්තා වගේ නෙවෙයි ඊටපස්සෙ ගෝඨාභය මහත්තයාට වගේ දුවන්න වෙනවානෙ. එහෙම වෙන්නෙ නැති, මේ අර්බුදයට මුහුණ දෙන්න පුළුවන්, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න පුළුවන්, ඒකට කැපකිරීම් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෙ. ඒ නිසා අපි දාන කෙනාත් අනිවාර්යයෙන්ම ජනප්‍රිය, අප්පුඩි ගහන කතා කියන අපේක්ෂකයෙක් දාලා නම් ඉල්ලන් කන්න ලෑස්ති වෙන්නෙ නෑ. ජනප්‍රිය නොවුණත් කමක් නෑ, දීර්ඝ කාලීනව රටට වැඩක් කරන්න පුළුවන් නම් අන්න ඒ අපේක්ෂකයාව ඉදිරියට ගෙනියන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෑස්ති වෙනවා. අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා පස්වෙනිදා උදේ ලංකාවට එනවා. එතුමාත් එක්ක අපි මේ සතියම, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්කම සාකච්ඡා කරලා අපි ලෑස්ති වෙනවා මේ ජනාධිපතිවරණයට”

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...