*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” පාසල් බස් රථ පරිත්‍යාගය රුපියල් ලක්ෂ 4000 ඉක්මවයි ! (VIDEO)

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ප්‍රධාන කුළුණු 3 වන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය සහ ඒවායේ බලය බෙදී යන ආකාරය සහ සංවරණ හා තුළණ ගැන, මූලික අයිතිවාසිකම් ගැන සදහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ පාසල් දූදරුවන්ට ඉගැන්විය යුතු බවත් ඊට අමතරව රටේ ලක්ෂ 220 ජනතාවද මේ ගැන දැනුවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය දා පොලිස්පති පත් කිරීමේ දී කතානායකවරයා රටේ උත්තරීතර නීතිය අමතක කර ඔහු තම හිතුමතේට කටයුතු කර ඇති බවත් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අමාරු නිසා ජනාධිපති බලතල කප්පාදු කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිට වූ බවත් එහිදී ජනාධිපතිවරයා යෝජනා කරන නම අනුමත විමට මෙන්ම ප්‍රතික්ෂේප වීමට ඡන්ද 5ක් අවශ්‍ය වුවත් පොලිස්පතිවරයා පත් කිරීමේ දී කතානායකවරයා එය අමතක කර කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොලිස්පතිවරයා පත් කිරීමේ දී 4 දෙනකු පක්ෂවත් දෙදෙනකු විපක්ෂවත් තවත් දෙදෙනකු ඡන්ද ලබා දීම ප්‍රතික්ෂේප කර තිබිය දී කතානායකවරයා තමට හිමි තීරක ඡන්දය අයුතු ආකාරයට භාවිත කර පොලිස්පතිවරයා පත් කර ඇති බවත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කිරීමක් බවත් එය අනීතික පත් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයාත් කතානායකවරයාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාන අනුගමනය කර නොමැති බවත් රටේ ක්‍රියාත්මක වන්නේ නීතිය නොව අවනීතිය බවත් මේ තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කියන සංඥාව කතානායකවරයා ලබා දී ඇති බවත් ඔහු රටේ ලක්ෂ 220 ජනතාවම රවටා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කතානායකවරයා පවා අමු අමුවේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි වගන්ති අමු අමුවේ උල්ලංඝනය කරන මොහොතක මෙවැනි අනීතික ක්‍රියා සිදු කරන කතානායකවරයා සිටින සභාවක ඉන්නවාද කියා ගැටලුවක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සක්වල පාසල් බස් රථ ලබා දීමේ වැඩසටහනේ 83 වැනි අදියර යටතේ බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.

වැඩ කරන්න බලය ඉල්ලන අය විපක්ෂයේ සිට මොනවද කළේ ?

බලය ලැබුණොත් වැඩ කරල පෙන්වන්නම් කියා කයිවාරු ගහන පුද්ගලයන් විපක්ෂයේ සිට සිදු කළේ කුමක්ද කියා ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු බවත් වහසි බස්වලට රැවටී 2019 මෙන් අමනෝඥ තීන්දු ගතහොත් දෙවැනි වරටත් රටේ මහා ඛේදවාචකයක් නිර්මාණය විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාලකයන්ගේ බොරු බේගල් විශ්වාස කර පාලකයන් පත් කරන විට පාලකයන් විසින් ජනතාව නිරන්තරයෙන් රැවටීමට ලක් කරන බවත් මේ මොහොතේ පවා පාලකයන් ජනතාව අන්දවමින් තමන්ගේ තැන රැක ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කයිවාරුවෙන් කතාවෙන් සෝබනයෙන් සැනකෙලියෙන් තොර කියන දේ කරන කරන දේ කියන ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිතයට ධනාත්මක හරාත්මක අගයක් එකතු කරන වැඩසටහන්වලට යොමුවන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දි ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 83ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4042ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 112ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1115ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan